දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

හම්බන්තොට වරායේ තිබූ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් විදේශීය නෞකාව පිටව ගිහින්

විකිරණශීලී ද්‍රව්‍ය සමග විදේශීය නැවක් හම්බන්තොට වරායට පැමිණ ඇතැයි පරමාණු බලශක්ති අධිකාරිය පවසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, අදාළ නෞකාව ඊයේ (අප්‍රේල් 20) දින හම්බන්තොට වරායට පැමිණ ඇති බවත් නාවික හමුදාවට හෝ අදාළ නැව අධීක්ෂණය කිරීම සඳහා ඇතුළු වීමට අවසර දී නෙමැති බවත් ය.

එම නැව වරායෙන් වහා ම ඉවත් කර ගන්නා ලෙස පරමාණු බලශක්ති අධිකාරිය නියෝග කර ඇතැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මේ පිළිබඳව ‘මව්බිම’ වෙබ් අඩවිය පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාව අද (අප්‍රේල් 21) උදෑසන හම්බන්තොට වරායෙන් පිටත්ව ගොස් ඇති බව ය.

“විකිරණශීලි ද්‍රව්‍ය තියෙනවා ඒකෙ. අපේ approval එක නැතුව තමයි port කරලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට අපේ local ඒජන්ට් ඩික්ලේයාර් කරලා නෑ. විකිරණශීලි ද්‍රව්‍ය තියෙනකොට අපිට ඩික්ලේයාර් කරලා approval අරන් එන්න ඕනේ. ඒ පනත violate කරලා තියෙන නිසා අපි කිව්වා යන්න කියලා.”

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ එම නෞකාව කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button