custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සියත මාධ්‍ය ජාලයේ හිමිකරු සමග විවාහ වූ ජනප්‍රිය නිලි සංගීතා වීරරත්න දැන් ගෙවන ජීවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

කලා ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වන ආදරණීය සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියලා කියන්නේ. ඉතින් ඇය උපත ලබලා තියෙන්නේ 1973 දෙසැම්බර් 13 වන දිනයි. සංගීතා 2002 දෙසැම්බර් මාසයේදී රොෂාන්ත කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ උනා. ඇයගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රියන්ත කාරියප්පෙරුම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් පුද්ගලික සමාගමේ හිමිකරුවන්.

ඉතින් නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය තුලින් කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ වගේම අගේ ආදරණීය සැමියාගේත් 18වන විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පවුලේ හැමෝම එකතු වෙලා ඉතාමත්ම චාමෙට මේ උත්සවය සමරන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් ඇයගේ කළා ගමන ගැන කතා කරද්දී ඇය ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගත්තේ 1993 දී එච්.ඩී. ප්‍රේමරත්නගේ සප්ත කන්යා චිත්‍රපටයේ කමල් අද්දරාරච්චි සමඟ රඟපෑමෙන් පසුවය. ඉතින් එම චිත්‍රපටයත් සමඟ අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගත් ඇය එම වසරේ සරසවියේ හොඳම නවක නිලි සම්මානයද දිනා ගත්තා.

ඉතින් එතැන් පටන් ඇය චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇති අතර රැ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්‍රියත්වයක් ලැබුණු චිත්‍රපට රැසක් ඒ අතර වනවා. සංගීතා වීරරත්න උපත ලැබුවේ සුප්‍රසිද්ධ සිනමා ශිල්පී තිමෝති වීරරත්න සහ ඔහුගේ බිරිඳ ඩේසිගේ දෙවන දියණිය ලෙසයි.

පනාදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඇය ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට ගොස් ඇත. ඉතින් මේ සුන්දර නිහතමානී කලා ශිල්පිණියගේ සොඳුරු ජායාරූප පෙළක් තමයි මේ…

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button