ප්‍රධාන පුවත්විශේෂාංග

කෑමෙන් බීමෙන් විතරක් නෙමේ ඇෆලටොක්සින් සමෙනුත් ඇතුල් වෙනව (VIDEO)

පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් අන්තර්ගත වීම ගැන සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී ඇති නමුත් මේ පිලිබද ඇත්තේ අඩු අවබෝධයකි.

ඇෆ්ලටොක්සින් පිලිකා ඇති කරන්නේ කෙසේද සහ පොල්තෙල් වල එය ඇතිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වන කරුණක්.එමෙන්ම මෙම ඇෆලටොක්සින් පොල්තෙල්වල පමණක් නොව පුස් සහිත බොහෝ ආහාර පානවල ඇතිවෙන්න පුලුවන්.

මෙම දිලීර වර්ගය විශේෂයෙන්ම හැදෙන්නේ කෘෂිකර්මික නිෂ්පාදන මත.ඒවා තෙත්,උණුසුම් ස්ථානයක වැඩි කාලයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වීම සිදුවේ.රටකජු,මඤ්ඤොක්කා,ඉරිඟු,මිරිස්,හාල්,වී,සෝයා,තිරිඟුපිටි,විවිධාකාර ඇටවර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වෙනවා.ඒ නිසා මේ දේවල් හොදින් අව්වේ වියලා ගබඩා කිරීම යෝග්‍යවේ.මේ නිසා ඇෆලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්මකාලාපීය රවටල.

එමෙන්ම පුස් සහිත ආහාර සතුන් ආහාරයට ගත්විට ඔවුන්ගේ කුස තුළ මෙම සංඝටක වෙනස්වීම්වලට භාජනය වී ඔවුන් නිශ්පාදනය කරනු ලබන කිරි,බිත්තර වැනි අප පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලත් මෙම පි ළි කා කාරක ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන වශයෙන් මෙම ඇෆලටොක්සින් ශරීරයට ඇතුලුවන්නේ ආහාර පානවලින් වූවද කලාතුරකින් අධික සැර සහිත පි ළි කා කාරක සම මගින්ද ශරීරයට ඇතුලුවීමට ඉඩකඩ තිබෙනවා.මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය සිදත් විජේසේකර මහතා ඉදිරිපත් කරන සවිස්තරාත්මකව වීඩියෝව පහළින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button