ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

හෘදයේ රුධිර නාලිකාවක් අවහිර වූ නිසා මුරලි රෝහල් ගත කරයි – මුරලිගේ සෞඛ්‍ය තත්වය යහපත්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල්ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළා.

රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේ වන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරු පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයට ප්‍රතිකාර ගැනීමට (stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙසේ රෝහල් ගතව ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයෙ ඇතුල් කරනු ලැබුවා.
මේ අතර පසුගිය දා හත් වන දා මුරලි සිය 49 වන උපන් දිනය සැමරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button