දේශීය පුවත්ප්‍රධාන පුවත්විශේෂාංග

පි ළිකා හඳුනාගන්නා ඔසුව දැන් ලංකාවේ

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ම.රණරාශියකට හේතුවන ප්‍රධාන බෝ නොවන රෝ ගයක් ලෙස පි ළිකාව දැක්විය හැකිය. නවතම වාර්තාවන්ට අනුව දිනකට නව පි ළිකා රෝගීන් 64 ක් පමණ හඳුනා ගන්නා අතර රෝගින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම කනගාටුදායක පුවතකි. නවතම දත්ත වලට අනුව 2018 දී ශ්‍රී ලංකාවේ පි ළිකා රෝගීන් 23,530 ක් සිටි අතර, ඉන් 14,013 ක් විවිධ වර්ගයේ පි ළිකා වලින් මිය-ගිය. වසරක් තුළ ප්‍ර තිකාර ලබා ගන්නා පි ළිකා රෝගීන් 30,000 ක් පමණ සිටින අතර එයින් ප්‍ර තිකාර ලබා ගන්නේ රෝගීන් 1,600 ක් පමණි.

බොහෝමයක් රෝගීන්ට ප්‍ර තිකාර හා පි ළිකා ප රීක්ෂණ සඳහා විදේශගත වීමට ඇති ඉඩකඩ අඩුය. එසේම මේ රෝගීන් වෙනුවෙන් වූ වි.කිරණශීලී ඖ ෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා රජය එක් පි ළිකා රෝ ගියෙකු සඳහා රුපියල් 45,000 ක් වැය කරන අතර ඒ ඖ ෂධය දේශීයව නිෂ්පාදනය කරන්නේ නම්, ඒ සඳහා වැය වන්නේ එක් රෝගියෙකු සඳහා රුපියල් 14,000 ක් පමණි.

පි ළිකාව ක් එහි මූලික අවස්ථාවේදීම හඳුනාගතහොත් එයට ප්‍ර තිකාර කර සුව කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව වෛද්‍ය මතයයි. පි ළිකාව ක් එහි මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමටත් ශරීරය තුළ එහි ව්‍යාප්තිය අනාවරණය කර ගැනීමටත් වර්තමානයේ භාවිත කරන ක්‍රමවේදයක් ලෙස PET පරිලෝකනය (Positron Emission Tomography Scan) දැක්විය හැක.

මෙම පරිලෝකනය මඟින් සිදුකරන්නේ බාහිරින් එන්න ත් කරන ලද වි.කිරණශීලී ඖ ෂධයක් ශරීරය තුළ ව්‍යාප්ත වන ආකාරය පරිලෝකනය කර වි.කිරණශීලී ඖ ෂධයේ අධි ක්‍රියාකාරි ස්ථාන අනුව පි ළිකාවේ ව්‍යාප්තිය අනාවරණය කර දීමයි.

PET පරිලෝකන වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝගියාට බාහිරින් එන්නත් කළ යුතු වි.කිරණශීලී ඖ ෂධය FDG (Fluro-Deoxy Glucose)ලෙස හඳුන්වයි.මෙම ඖ ෂධයේ වි.කිරණශීලී ක්‍රියාකාරිත්වය පවතින්නේ ඉතා අඩු කාලයකි. එනම් මේ ඖ ෂධය තුළ පවතින වි.කිරණශීලී මු ලද්‍රව්‍ය වන F-18සෑම මිනිත්තු 110 කට වරක්ම පවතින වි.කිරණශීලී ක්‍රියාකාරිත්වය හරි අඩක් බවට පත්ව පැය කිහිපයකට පසු එහි ක්‍රියාකාරිත්වය භාවිතා කළ නොහැකි අඩු මට්ටමකට ක්ෂය වේ.

දැනට ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් දෙකක සහ පෞද්ගලික රෝහලක පමණක් PET පරිලෝකන පහසුකම් ඇති අතර වි.කිරණශීලී ඖ ෂධය දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සයික්ලොට්‍රෝන් (Cyclotron) නැමති උපකරණය අප රට තුළ නැති බැවින් එම වි.කිරණශීලී ඖ ෂධය විදේශවලින් ආනයනය කිරීමට සිදු වේ.

මේ අවස්ථාව වන විට රජය සහ පෞද්ගලික රෝහල වාර්ෂිකව රු. 100 මිලියනයක පමණ විශාල පිරිවැයක් දරා ඖ ෂධය ඉන්දියාවෙන් ආනයනය කරන අතර එහි වි.කිරණශීලී ක්ෂය වීම නිසා 97% ක පමණ ඖ ෂධ ප්‍රමාණයක් අපතේ යයි.

ඉතා සීමිත රෝගීන් ප්‍රමාණයක් පමණක් ඉන්දියාව, සිංගප්පුරුව ආදී රට වලට ගොස් PET පරිලෝකන සේවාව ලබා ගන්නා අතර රජයේ රෝහල් මඟින් මේ පහසුකම ලබා ගැනීම සඳහා මාස හයකට අධික කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුය. මේ නිසා මේ වි.කිරණශීලි රසායන ඖ ෂධ මධ්‍යස්ථානය ( Deoxy Glucose D rug Manufacturing Centre ) ලංකවේම ස්ථාපනය කිරිමට පසුගියදා කොතලාවල ආ රක්ෂක විද්‍යා පීඨයේම ඉඩක් වෙන්විය.

ඒ දැවැන්ත අභියෝගය දෙවරක් නොසිතා අසරණ රෝගී සත්කාරය වෙනුවෙන් විවර කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ විශේෂ උපදෙස් පරිදි සිදුවන අතර ඊට විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම, ඖ ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මෙන්ම කොතලාවල ආ රක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් විසින් ඊට සම්පූර්ණ සහය දක්වන ලදී.

මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය මෙන්ම මූල්‍යමය සහය දක්වන්නේ ශ්‍රී ලංකා පර මානුක බ ලශක්ති මණ්ඩලය වන අතර එහි සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා හා අධ්‍යක්ෂ ජනරාල් ටී එම් ආර් තෙන්නකෝන් ඇතුළු සියල නිලධාරීන් මේ සත්ක්‍රියාවට දායක වීමට අවශ්‍ය පසුබිම මේ වන විටත් සකසමින් පවතියි.

කොතලාවල ආ රක්ෂක විද්‍යාපීඨයේ මෙම කටයුතු ඉදිරියට ගෙනි යන්නේ එහි පි ළිකා අංශ ප්‍රධානි හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පි ළිකා රෝග සම්බන්ධ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනය.

මෙම කාර්යයේ ඉදිරි ගමන් මඟ හා ඉන් ලැබෙන සහනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන අදහස් පළ කළේ මේ ආකාරයෙනි.

“ PET ස්කෑ න් යන්ත්‍රය පි ළිකා රෝග හඳුනා ගැනීම, පි ළිකාවේ ප්‍රමාණය නීර්ණය කිරිම, ප්‍ර තිකාර යෙන් පසු පි ළිකාව ක්ෂය වී ගියාද යන්න සෙවීම මෙන්ම නැවත මතුවීම සඳහා අවශ්‍ය වන යන්ත්‍රයක්. මෙය ලංකාවේ දැනට ඇත්තේ මහරගම අපෙක්ෂා රෝ හලේ, කොළඹ ජාතික රෝහලේ හා පෞද්ගලික රෝහලක පමණයි. මේ සඳහා අවශ්‍ය ඩයි වර්ගය හෙවත් වි.කිරණශීලි ද්‍රව්‍ය අප මෙතෙක් ගෙන්වා ගන්නේ ඉන්දියාවෙන්. මෙහි වි.කිරණශීලි ක්ෂයවීමක් සිදුවන නිසා සැම පැය දෙකකට වරක්ම මේ ද්‍රව්‍යයේ සැර බාල වෙනවා.

සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් වරකට මේ වි.කිරණශීලි ද්‍රව්‍ය 3400 mCi ගෙන්වන විට අපට භාවිත කිරිමට හැකි වන්නේ එයින් 100 mCi ක් පමණයි. මේ සඳහා මුළු වියදම රුපියල් 5 80,000 ක් වන අතර එයින් රුපියල් 562,000 ක්ම අපතේ යනවා. මෙම 100 mCi භාවිත කරන්න පුළුවන් 10 දෙනෙකුට පමණයි. අපට වසරකට මෙම වි.කිරණශීලි ද්‍රව්‍ය ආනයය කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් පමණ යනවා. එක රෝ ගියකු වෙනුවෙන් රුපියල් 55,000- 60,000 ක් වෙන් වෙනවා.

නමුත් වසරකට මේ මෙම ස්කෑ න් ප රික්ෂණය කළ හැකි වන්නේ රෝගින් 2000 කට පමණයි. මෙම ප රික්ෂණය පෞද්ගලික රෝහලක සිදු කරනවා නම් 180,000 ක් පමණ වැය වෙනවා. නමුත් මේ FDG නම් වි.කිරණශීලි ද්‍රව්‍ය ලංකාවේම සකස් කරනවා නම් එක රෝගියකු වෙනුවෙන් යන මුදල රුපියල් 12,000 දක්වා අඩු කර ගත හැකියි. එසේම මේ වන විට වසරකට PET ස්කෑ න් සිදුවන්නේ 2000 ක් පමණයි. නමුත් මේ වි.කිරණශීලි ද්‍රව්‍ය අපිම සාදා ගත හොත් වසරකට මෙම ස්කැ න් ප රීක්ෂාවන් 30,000 ක් පමණ සිදු කර ගත හැකි වෙනවා. ……“ ඒ කොතලාවල ආ රක්ෂක විද්‍යා පිඨයේ පි ළිකා අංශ ප්‍රධානි හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පි ළිකා රෝග සම්බන්ධ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ ජනගහනයෙන් බිලියනයකට එක් PET ස්කෑන් යන්ත්‍රයක් තිබිය යුතු බවකි. ඒ අනුව අප රටට තව PET ස්කෑන් යන්ත්‍ර 20 ක අවශ්‍යතාවයක් ඇත්තේය. 1980 වසරේදි අලුතින් පි ළිකා රෝගින් වර්තා වී ඇත්තේ 3000 – 4000 ත් අතර ප්‍රමාණයකි.කෙසේ වෙතත් පි ළිකා රෝග ව්‍යාප්තියේ වේගවත්ව කෙසේද යන් 2020 වර්ෂයේ අලුත්ම රෝගින් 28,000 ක් සොයා ගෙන ඇත්තේය.

කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන් වන චන්න ජයසුමන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක මෙන්ම කොතලාවල ආ රක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති මේ ජර් ජ නරාල් මිලින්ද පීරිස් , ශ්‍රී ලංකා පර මානුක බ ලශක්ති මණ්ඩලයේ සභාපතිනී මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මෙන්ම විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන ඇතුළු පිරිස ගෙන යන මේ සත්කාරය රටේ අහිසංක ජනතාව වෙනුවෙන්මය.

මේ සඳහා වියානාවල පිහිටි ජාත්‍යන්තර පර මාණු බ ලශක්ති මණ්ඩලයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුමද එක් වෙයි. ලබන වසර වන විට කොතලාවල ආ රක්ෂක විද්‍යා පීඨය මේ කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරෙයි.

සිළුමිණ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button