custom_html_banner1
දේශීය පුවත්

නිදහස් උළෙලට ගිය කන්දකුලිය සිවිල් ආරක්ෂක බළකා පුහුණු පාසලේ 30 කට කොරෝනා

custom_html_banner1
Spread the love

කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 73 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වු කන්දකුලිය කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 දෙනෙකුටය.

සිවිල් ආරක්ෂක දේපාර්තුමේන්තුවේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ කර්නල් ඊප්සිත දිසානායක මහතා පවසා සිටියේ නිදහස් උත්සවයට සහභාගි වු සිවිල් ආරක්ෂ භට පිරිසකට හා නිළධාරින් පිරිසක් මේ වන විට කොරෝනා ආසාධිත වී තිබීම නිසා කල්පිටිය පුහුණු කදවුරේ භට පිරිස් 62 දෙදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර තිබු බවයි.

එසේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර සිටි පිරිසෙන් 30 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට ඊයේ (11) සවස සෞඛ්‍ය අංශ සනාථ කල බවද කර්නල් දිසානායක මහතා පවසයි.

එම ආසාධිත සිවිල් ආරක්ෂක භටයින් දංකොටුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කරමින් ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button