custom_html_banner1
විදෙස් පුවත්

ජෝ බයිඩ්න්ගෙන් ෂී ජින් පින්ට ඇමතුමක් – ටික්ටොක් ගැනත් කතා කරයි

custom_html_banner1
Spread the love

නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, චීන ජනාධිපති ෂී ජින්පින් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

එය නව ජනාධිපතිවරයා චීන නායකයා ඇමතූ ප්‍රථම අවස්ථාවයි.

එහිදී බයිඩ්න් හොංකොං දිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ චීනය විසින් මර්දනය කිරීම මෙන්ම, මානව හිමිකම් පිලිබඳ කරුණු මතුකර ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමඟ ආර්ථික කරුණු පිලිබඳව විශේෂ අවධානයක් යොමුකළ ද නව ජනාධිපතිවරයා දේශපාලනමය කරුණු මතු කිරීම විශේෂත්වයක්.

එමෙන්ම, හිටපු ජනපති ට්‍රම්ප්ගේ ආර්ථික සම්බාධක හේතුවෙන් චීන – ඇමෙරිකානු සබඳතා බෙහෙවින් පළුදු වී තිබුණා.

චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර, මතභේදකාරි තත්ත්වයක් පැවතීම ප්‍රතිඵලදායක නොවන බවයි.

එහිදී අනවබෝධයන් දුරලීමට කටයුතු කළ යුතු බව දෙපාර්ශවයම අවධාරණය කර තිබෙනවා.

custom_html_banner1

එහි පළමු පියවරක් ලෙස ජෝ බයිඩ්න් පරිපාලනය විසින් ඇමෙරිකාවේ ටික්ටොක් තහනම යළි ඇගයීමකට ලක් කිරීමට සැරසෙන බව සඳහන්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button