ක්‍රීඩා පුවත්

බාබාර් අසාම් විරාට් කෝලිගේ කිරුළ ගලවයි

එක්දින ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව වසර තුන හමාරක පමණ කාලයක් පෙරමුණ ගෙන සිටි ඉන්දීය නායක විරාට් කෝලි අභිබවා යාමට පාකිස්තාන පිතිකරු බාබාර් අසාම් සමත් වී තිබේ.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී පන්දු 82කදී ලකුණු 94ක් රැස් කිරීමත් සමගය.

පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලකුණු 865ක් ලබා ගනිමින් බාබර් අසාම් මාස 41ක දීර්ඝ කාලයක් කෝලි සතුව තිබූ කිරුළ තමන් සතු කර ගැනීමට සමත් විය.

පාකිස්තාන පිතිකරුවෙකු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ වසර 18කට පමණ පසුව වීම විශේෂත්වයකි.

මේ වන විට පාකිස්තානය වෙනුවෙන් මෙම ගෞරවය හිමි කරගෙන ඇත්තේ, පිතිකරුවන් සිව් දෙනෙකු පමණි.

1. සහීර් අබ්බාස් – 1983/84

2. ජාවෙඩ් මියන්ඩාඩ් – 1988/89

3. මොහොමඩ් යූසුෆ් – 2003

4. බාබාර් අසාම් – 2021

තවමත් 26 වන වියේ පසුවන බාබාර් අසාම් එක්දින තරග 80කදී ලකුණු 3808ක් රැස් කර ඇති අතර ඊට ශතක 13ක් අයත් වීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button