දේශීය පුවත්ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගයේ වාහන 10 ක් එක පෙලට ගැටෙයි – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්වයට (Video)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්වයට පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ දෙස සිට පැමිණි රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්වීමත් සමගයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර කොටසේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙුණේ.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ වාහන මේවනවිට මාර්ගයෙන් ඉවත්කර රථවාහන ධාවනය සඳහා දොඩංගොඩ සහ ගැළණිගම අතර කොටස යළි විවෘත කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.

අද පෙරවරුවේ සිදුව තිබූ මෙම අනතුරුවලින් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නැහැ.

මේ දිනවල උත්සව සමය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක් පවතින බැවින් රථවාහන ධාවනයේදී අවම මීටර 50ක හෝ දුර ප්‍රමාණය පවත්වාගන්නා ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button