දේශීය පුවත්

අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ග් ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරය සඳහා මෙතෙක් නිශ්චිතවම දින නියම වී නැතත් බොහෝදුරට මෙරට අවුරුදු නිවාඩුවෙන් පසුව ඒ මහතා මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

එම සංචාරය තුළදී ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව චීනයේ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙරටට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.

Courtesy – Lankanewsweb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button