ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

වරකාපොල නගරයේ හඳුකූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක් – බඩු දෙන්න ගියාම හෙළිවුන ඇත්ත මෙන්න – හිටියේ ගෙස්ට් එකක – රටපුරා ක්‍රියාත්මක සංවිධානාත්මක සිඟාකන කල්ලියක්

2021 .04.12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට ලෙස අහින්සක මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන මුදල් සහ අනෙකුත් දේවල් ලබාගෙන ක්‍රියාකරන තැනැත්තියක් බවට හෙළි වී ඇති බව අපේ අට වෙබ් අඩවියට වාර්තා වුණා. ඒ අද උදෑසන අප විසින් එම කාන්තාව සොයාගෙන ගොස් උදව් කිරීමට යෑමේදී ඇති වූ සැකය මත විමසිලිමත්ව ක්‍රියා කල අවස්ථාවේදීය.

මැය තමන් ජීවත්වෙන ස්ථානය වරකාපොල පොල අසල යැයි මුලින්ම පවසා සිටියත් අද උදෑස අපට පවසා සිටියේ අඹේපුස්ස – කුරුණෑගල පාරේ ශෙඩ් එකක් අසල කුලියට ජීවත් වෙන බවයි. එහෙත් දිගින් දිගටම ඇය ස්ටින ස්ථානයට අප ඒමට ඇය අකමැති වූ අතර ඇය වරකාපොල නගරයට එන බවත් එහිදීඉ ආධාර කරන ලෙසටයි ඇය පවසා සිටියේ. එහෙත් අප විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇය සිටින ස්ථානය සොයාගත් අතර එම ස්ථානය වූයේ තුල්හිරිය ප්‍රදේශයේ ලැඟුම්හලකි.

එහිදී අප විසින් හෙළි කරගත්තේ එම ගැබිණි මව තනිව නොව සංවිධානාත්මක කල්ලියක් සමග මාතර ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර මෙම කල්ලිය නැවතී සිට මෙම කූට ක්‍රියාව සිදු කර ඇති බවටයි. කෙසේ වෙතත් අප මෙම කරුණු සොයා ගනිද්දිත් ඊයේ සිට ෆේස්බුක් සටහන් වලට ප්‍රතිචාර ලෙසට බොහෝ පිරිසක් මෙම ගැබිණි මවට ආධාර කර තිබෙන බව අපට ඡායාරූප එවා සනාථ කර සිටියේය.

Courtesy – Aperata.net

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button