ගොසිප් පුවත්තරු හුට පට

රටම රත් කරමින් ගයත්‍රී ඩයස් හංගාගෙන හිටි රහස් සැලසුම එළියට දමයි

රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ඇය වරින් වර අප හමුවට එනවා. ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. ඉතින් ඒ නිසාම ඇය අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වෙන කවුරුත්ම නෙමෙයි සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට ගෟරවයට පාත්‍ර වන සුන්දර කලා ශිල්පිනියක් වන ගයත්‍රී ඩයස්. මෙදා පාර අවුරුදු උදා වෙන්නේ මුළු ලෝකයක්ම බිය ගැන්වූ භයානක වෛරසයක් මැදයි. ඉතින් වෛරසය මැද මෙදා පාර අවුරුද්ද සමරන හැටි ගැන ජනප්‍රිය රංගන ශිල්පිණි ගයත්‍රී ඩයස් මෙන්න මේ විදිහටයි කියලා තිබුණේ.

ඇත්තටම ඉතින් ගිය අවුරුද්දේ අපිට අවුරුදු කියලා දෙයක් තිබ්බෙම නැති තරම්. ඒ මේ වසංගතය නිසා. ඒත් මේ අවුරුද්දේ ඒ තත්වය දැනට සමනය වීගෙන යන නිසාම මමනම් පුළුවන් විදිහට ගෙදර අපි හතරදෙනා එකතු වෙලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති කරනවා. මොකද හැමදාම මෙහෙම බල බල ඉදලා ඒවා මඟ හරින්න බැහැ.

අපේ සංස්කෘතියත් එක්ක බැඳුන ඒ දේවල් අපි පරිස්සම් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම දුවලා දෙන්නට ඒ දේවල් පිලිවලකට කරන්න උගන්වන එක තමයි මගේ යුතුකම. හැමදේම හොඳ අතට හැරිලා එන මේ වෙලාවේ ඉතාම පරිස්සමෙන් අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා. මටනම් අනිවාර්යයෙන්ම මොකක් හරි චැනල් එකකට යන්න වේවි ඒ වැඩේට.

ඒත් හැමදේම සැලසුම් කරලා දුවලට බාරදෙන්න තමයි මන් හිතන් ඉන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් තව නොබෝ දිනකින් උදාවන අලුත් අවුරුද්ද ගයත්‍රී ඩයස්ගේ ආදරණීය සුන්දර පවුලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button