ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රටටම දැනෙන්න කලා තරු එක්ක ශෙරිල් සැමරූ උපන්දිනය

අපේ රටේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීනියක් තමයි ශෙරිල් රොමේන් ඩෙකර් කියලා කියන්නේ. ඒ වගේම ඇය සුරූපී රංගන ශිල්පිනියක් කියලා කිව්වත් හරි. ශෙරිල් කලා ක්ෂේත්‍රයට ආවේ ඇගේ නර්තන දක්ෂතාවයන් නිසා. ඇය විවිධ ගීතාවල රූප රචනාවන් ඔස්සේද ජනප්‍රිය වුණ කෙනෙක්.

නමුත් දැන්නම් ඇය එතරම් කලා නිර්මාණ තුළින් දැකගත නොහැකි තරම්.නමුත් දැන්නම් ඇය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ගොඩක් අය කියන්නේ ඇය ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සමඟින් විවාහ වුණාට පස්සේ තමයි දැන් රගනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ කියලා.

කලක් ටෙලි නිර්මාණ හරහා ඉතා ජනප්‍රියව සිටි ෂෙරිල් ඩෙකර් මේ වෙද්දි ටෙලි නිමාණ තුළින් දැකගත නොහැකි වුවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.

ඒ වගේම ඇය විටින් විට ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ඇයගේ නවතම ෆොටෝ ෂූට් හා රුවන් සමඟ ගන්නා ලස්සන පින්තූර රසිකයන් හා බෙදා ගනිමින් ප්‍රේක්ෂකයන් අතර රැඳී ඉන්නවා.

ඉතින් ශෙරිල්ගේ උපන් දිනය අදට යෙදී තියෙනවා.

ඉතින් රුවන් හා තවත් කලා තරු රැසක් පිරිවරා ශෙරිල් උපන් දිනය සමරලා තිබුනේ මෙහෙම. ඔවුන්ගේ ආදරණීය පින්තූර කිහිපයක් පහතින් බලන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button