ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

කැවුම් පිඟන් අරගෙන ගම වටේ ගියා

රොෂාන් රණවන අවුරුදු ගැන කිව්වේ මෙහෙම දෙයක්

 

ඒ කාලේ අපි හිටපු පාරේ සිංහල බෞද්ධ ගේකට තිබුණේ අපේ ගේ විතරයි. හැදුණේ වැඩුණේ කතෝලික මිනිස්සු හිටපු වටපිටාවක. සිංහල අවුරුද්ද ඒ පාරෙන්ම සැමරුවේ අපි විතරයි.

ඒ නිසා ඒ පාරේ හිටපු ළමයි අපේ ගෙදරින් එන කෑම පිඟන්වලට හරි ආසයි. විශේෂයෙන් අපේ අම්මා හදන කැවුම්, නාරං කැවුම් කන්න ඒ අය හරි ආසයි. ඉතින් අවුරුද්ද ලැබුවට පස්සේ මායි, මල්ලියි අලුත් ඇඳුම් ඇඳගෙන ඒ ගෙවල්වලට කෑම පිඟන් අරන් ගියා. මම ගොඩාක් පුංචි කාලේ අපි විතරක් ඒ අයට කෑම අරගෙන යන්නේ ඇයි..?

ඒ අය කෑම ගේන්නේ නැහැනේ* කියලා අපේ අම්මගෙන් අහලා තිබුණලු. අපේ අම්මා හැමවෙලේම බෙදාගැනීම බැඳීම ගැන අපිට කියලා දුන්නා. පහුකාලේදී මායි, මල්ලියි අම්මා අවුරුද්දට කෑම පිඟන් හදලා දෙනතුරු බලාගෙන හිටියා.

අදටත් අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා. අවුරුද්දට ගෙදර හිටියොත් ඒ හැම නැකතක්ම අපි ඉටු කරනවා. මේ පාර අපි සිංහල අලුත් අවුරුද්ද එක්තරා නාළිකාවක තමයි සමරන්නේ.

නමුත් ඒ දවසටත් ඒ හැම නැකැතක්ම මගේ පුතාට බලාගන්න පුළුවන් වේවි. සම්ප්‍රදායික මේ හැම චාරිත්‍රයක්ම අපි අපේ දරුවන්ට කියලා දෙන්නම ඕනේ.

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button