ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

“දරුවා ලැබෙන්න තියෙන්නේ තව මාසයයි, බබාට ඕන කරන දේවල්වත් තවම අරගෙන නැහැ.” – ගිනියම් අව්වේ කෑගල්ල ටවුමේ හදුන්කූරු විකුණන බඩදරු අම්මා

හුගක් අය මේ වෙද්දි ජයටම අවුරුදු සමරන්න සූදානම් වෙනවා. තවත් පිරිසක් අගහිගකම් මැද අසරණ වෙලා ජීවත් වෙන්න දුක් විදනවා. අපි මේ විදිහට කියන්න හිතුවේ මුහුණුපොතේ හුවමාරු වෙන, දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මහ පාරේ, අව්වේ වේලි වේලි හදුන්කූරු විකුණන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ සටහනක් නිසා.

එම සටහන සහ ඡායාරූප පහතින්.

මේ අක්කගේ නම පවිත්‍රා කීවා. කෑගල්ලේ හදුන්කූරු විකුණනවා. මෙයාගෙ මහත්තයා පලංචියකින් වැටිලලු.
මෙයා හදුන්කූරු විකුණලාලු පවුලේ හැමෝම ජීවත් වෙන්නේ. දරුවා ලැබෙන්නත් තව මාසයයි තියෙන්නේ කීවා .බබාට ඕනි කරන බඩු ටිකවත් අරන් නෑ තවම . මම පුලුවන් විදියට උදව් කළා. තව පොඩි බබෙකුත් ඉන්නවා මේ අක්කට.මම කලිනුත් උදව් කරලා තියෙනවා. ගෙවල් වරකාපොල පොළ ලග කියලා තමයි කිව්වේ.“පුලුවන්නම් නංගි හාල් ටිකක් අරන් දෙන්න මට “කීවා කදුලු පුරවගෙන. කන්න ආස දෙයක් කියන්න අක්කේ කීවම කේක් කෑල්ලක් කන්න ආසයි නංගි කීවා . දරුවෙක් බඩේ තියාගෙන ගිනි අව්වේ පුදුම දුකක් විදින්නේ.

කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද.? මෙයා ළගින් යන සමහරු අහක බලාගෙන යනවා. එහෙම කරන්නේ නැතුව අපිට පුලුවන් විදියට රුපියලකින්වත් වත් උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්. දුරකථනය අංකය ඉල්ලුවා. ඒත් මේ අක්කට ෆෝන් එකක් නෑ කීවා. ඒ නිසා තමා ගෙදර තියන තැන කීවේ. අවුරුදු දවස් වල රතිඤ්ඤා වලට එහෙම වියදම් කරන අනවශ්‍ය සල්ලිවලින් පොඩි උදව්වක් දෙන්න කෑගල්ලේ ගියොත්. ගොඩක් පිං සිද්ද වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button