custom_html_banner1
විදෙස් පුවත්

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත්

custom_html_banner1
Spread the love

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ රජයේ නායකයන් සිර අඩස්සියට ගෙන බලය පැහැර ගත් මියන්මාර හමුදා නායකයාට එරෙහි විරෝධතා නේපිඩෝ අගනුවරදී යළි ආරම්භ වුණා.

ඒ පෙබරවාරි පළමුවෙනදා ඇති වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විශාලතම උද්ඝෝෂණය ඊයේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුවයි.

එහිදී පොලීසිය එල්ල කළ ජල කදම්භ සහ රබර් උණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් ඇතැමුන් තුවාල ලැබුවා.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර හමුදා පාලකයන් විසින් විරෝධතාකරුවන්ට එරෙහිව බලය යොදා ගැනීම හෙලා දැක තිබෙනවා.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ඇතුළු නායකයන් සිර අඩස්සියට ගෙන සිටින හමුදා නායක මින් අවුන් හයින් තායිලන්තයේ හමුදා පාලකයාගේ සහාය ඉල්ලා ඇති බව වාර්තා වනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button