custom_html_banner1
දේශීය පුවත්

ලංකා සීනි සමාගම වසර 35ක් තුල ලැබූ විශාලම ලාභය ලබයි – (PHOTOS)

custom_html_banner1
Spread the love

ලංකා සීනි සමාගම වසර 35ක් තුල ලැබූ විශාලම ලාභය ලබයි..පසුගිය සමයේ පාඩු ලැබූ ලංකා සීනි සමාගම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ ජනක නිමලචන්ද්‍ර තරුන සභාපතිවරයෙකුගේ නව අදහස් තුලින් සහ නායකත්වය තුලින් ලංකා සීනි සමාගම මේ වන විට රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් බවට වසරක් තුල සාර්ථකත්වයට පත් වී ඇත.

තවද වසර 5 ක සේවා කාලය සම්පූර්න කල සියලු අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින් 2000කට වැඩි ප්‍රමානයකට ස්තීර පත්වීම් ලබා දී සියලු සේවකයින්ට ලැබීමට තිබූ සියලු උසස්වීම්ද ලබා දීමට සීනි සමාගම සමත් වී ඇත.අප්‍රේල් මාසයේදී මෙහි සේවය කල සියලු සේවකයින් හට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගම කටයුතු කර ඇත.

තවද වසර ගනනක් තුල නොගෙවූ සේවක ජීවන වියදම් දීමනාවද සේවකයින්ගේ මූලික වැටුපට එකතු කර ඇත.මේ තුලින් යැපෙන ගොවීන්ට සුභ කලක් උදා කර දෙමින් ගොවීන්ගෙන් ලබා ගන්නා උක් මෙ.ටො එකක් සදහා ගැනුම් මිල 10%කින් ඉහල නංවා ඇති අතර ගොවීන් හටද ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගම සමත් වී ඇත.මෙම ගොවීන් සදහා 50% ක බිම් සහනාධාරයක් සහ උක් බීජ සහනාධාරයක් ද ලබා දීමට සීනි සමාගම කටයුතු කර ඇත.

ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2500ක් සහ සෙවනගල ප්‍රදේශයේ අලුතෙන් හෙ.500ක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමානයක් ලබා දීමටද හැකි වී ඇත.උක් අස්වැන්න සහ සිනි නිශ්පාදනයේ අතුරු ප්‍රථිපල ලෙස සත්ව ආහාර නිශ්පාදන කිරීමේ නව අදහසක් තුලින් උපයන අතිරේක ආදායම් තුලින් ගොවීන්ට අමතර ආදායම් උපයා දීමටද ලංකා සීනි සමාගමට හැකි වී ඇත.

තවද COVID-19 තත්වය හමුවේ ඉමහත් සේවයක් කරමින් විසබීජ නාශක අත් සේදුම් ද්‍රව්‍ය දේශීයව නිශ්පාදනය කල සීනි සමාගම රටට අවශ්‍ය එතනෝල් ප්‍රමානයත් දේශීයව නිශ්පාදනය කරමින් රටේ මුදල් රට තුල ඉතිරිකිරීමටද ලංකා සීනි සමාගමට හැකි වී ඇත. 2020 වසරේ ඔක්තෝම්බර් අග වන විට ලංකා සීනි සමාගම විසින් සීනි මෙ.ටො 40000ක ප්‍රමානයක් නිශ්පාදනය කිරීම තුලින් අපේක්ශිත ලාබයට වඩා විශාලම ලාභයක් ලැබීමට සීනි සමාගමට හැකිවීම සතුටට කරුනකි.

කලක් සීනි සමාගම පාඩු ලබන ආයතයක් සේ සලකා පෞද්ගලිකරනය කිරීමට සියලු පිඹුරු පත් සකසා තිබූ අතර මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් විසින් ලංකා සීනි සමාගම රජයට පවරා ගැනීම මගින් සහ සීනි සමාගම සංවර්ධනය කිරීම මගින් රජයට සහ රටට විශාල විශාල ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සුදුස්සාට සුදුසු තැන ලබා දීම හරහා ලංකා සීනි සමාගමේ නව සභාපති ලෙස තේරී පත් වූ ජනක නිමලචන්ද්‍ර නව තරුන සභාපතිවරයාගේ නව අදහස් යෝජනා සහ දැක්ම මගින් වසරක් තුල ලංකා සීනි සමාගම අපේක්ශිත ආදයමටත් වඩා දැඩි ලාබ ලබන ආයතනයක් බවට පත් වී තිබීම සතුටට කරුණකි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button