ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හරින කතාව බොරුවක් බව චන්දිමාල් ජයසිංහ කියයි

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක් සමාජගත වෙමින් ඇතැයි ලෝක විවාහක රූ රැජින තරගයේ මෙරට අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කැරොලයින් ජූරි ඊයේ දිනයේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ එම කිරුළ මෙවර ජයග්‍රාහිකාවට පලදවන බව මිස තම කිරුළ අත්හරින බවක් ඇය ප්‍රකාශ කර නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button