ගොසිප් පුවත්තරු හුට පට

වයස 17න් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ හුරුබුහුටි ශේන්යා

ශේන්යා විජේරත්න දැන් සමහර දෙනෙක් දන්නවා ඇතියේ. මොකද අය රුප සුන්දරියක්, 2020 මිස් ශ්‍රී ලංකා කිරුළේ හිමිකාරිය කිවොත් නිවැරදි. තම පොඩි වයසෙඉඅ දක්ෂ නිරුපන ශ්ල්පිනියක් තමයි ශේන්යා කියල කියන්නේ.

ඇයගේ වයස දැන් 17යි. ඇය අද්‍යාපනය හැදෑරුවේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන්.

මෙරට ඉතිහාසයේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැලැන්දූ ළාබාලම තරුණිය ශේන්යා වේ. මේ වන විට දාහත් වියේ පසුවන ඇය කොළඹ, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් ජීවිතයේදීද මලල ක්‍රීඩාවෙන් රටට ජයග්‍රහණයන් රැසක් දායාද කරමින් ඇය දක්ෂතා දක්වා ඇත.

වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙහි මූලික වටයේදී තරගකාරිනියන් තේරීම සිදු වී ඇති අතර පසුව විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තරග වට පවත්වා ඇත. තරගකාරිනියන් 1000කගේ පමණ පිරිසකගෙන් අවසන් 12 දෙනා අතරට ඇය තේරී පත්ව අවසන් කිරුළ දක්වා ජයග්‍රාහී ගමනක් පැමිණ ඇත.

ශේන්යාගේ මීළඟ බලාපොරොත්තුව ආසියානු රූ රැජින කිරුළ වෙනුවෙන් තරග කර එය ජයගෙන රටට කීර්තියක් ගෙන ඒම බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button