custom_html_banner1
දේශීය පුවත්

ගහක් නිසා මාර්ගය වෙනස් කරන්න බෑ – අධිකාරිය කියයි

custom_html_banner1
Spread the love

ගම්පහ – දාරලුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක පිහිටි ආන්දෝලනයට තුඩු දී ඇති කෲඩියා සෙලනිකා ශාකය හේතුවෙන් ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ වනවිට ඊට අදාල ඉඩම් පවරා ගෙන ප්‍රධාන කටයුතු ආරම්භ කර තිබීම ඊට මූලික හේතුව බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.කොඩිතුවක්කු මහතා පවසන්නේ.

එසේම, අදාළ ශාකය දැනට පවතින ස්ථානයේම තබා අධිවේගී මාර්ගයට මැදිකර ඉදිකිරීම් සිදුකළ යුතු බවට මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන යෝජනා පිළිබඳව අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසා සිටින්නේ දුම්රිය මාර්ගය හේතුවෙන් එම යෝජනාව ද ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමක පවතින බවයි.

අදාළ ශාකය මුල පිටින් උදුරා වෙනත් ස්ථානයක සිටුවීමට අවධානය යොමුවී ඇති අතර, එසේවුව හොත් අදාළ ශාකය සිටුවීම සිදුවන්නේ එම මාර්ග සීමාවට ආසන්නම ප්‍රදේශයක බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අදාළ සියලු පාර්ශව නියෝජනය කරන බලධාරින් ඉදිරියේදී රැස්වීමට නියමිතයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button