ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

ටික් ටෝක් ලෝචි සහ කැලුම් එක්වෙයි

දඟකාර කටකාර හැමෝගේම ආදරය දිනාගත්ත ලෝචනා ජයකොඩි නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම යූ ටියුබ් එකේ වීඩියෝ කරන කෙනෙක් මෙන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්. ඉතින් අද වෙනකොට ලෝචි කිවුවාම ලංකාවේ දන්නැති කෙනෙක් නැහැ.

ඇයගේ උපන් ගම තමයි පිළියන්දල. ඉතින් ඇය මුලින්ම පාසැල් ගිහින් තියෙන්නේ පිළියන්දල කණිෂ්ට විද්‍යාලයට ඉතින් එම පාසලේ එක වසරේ ඉදන් පහ වසර වෙනකන් ඉගෙනගෙන ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ කැස්බෑවේ ධර්මසේන බාලිකා විද්‍යාලයට ගිහන් තියනවා. ඊට පස්සේ ඇය උසස්පෙළ හදාරලා තියෙන්නේ ගල්කිස්ස බෟද්ධ බාලිකා විද්‍යාලයෙන්. ඇයනම් ඉතින් ගොඩක් වෙලාවට ගෙදරලු ඉන්නේ.

ඒ වෙලාවට ඉතින් ඇය කරන්නේ ඇයගේ සුරතල් බල්ලෝ හතර දෙනාගේ වැඩ කරන එකලු. ඊට අමතරව මේ ටිකේ එක එක කෑම එහම හදන්න අත්හදා බැලුවාලු. දැන්නම් ඉතින් අපි හැමෝම ලෝචිව වැඩියෙන්ම දකින ටික් ටෝක් කරන එකලු කරන්නේ. ඇයට පාසැල් කාලේ ඉදන්ම ආසාවක් තිබ්බෙනම් නැටුම් කරන්නලු. හැබැයි පාසල් කාලේදී ඇයව නැටුම් වලට පාසලෙන් අරගෙන නැහැලු.

ඒ ඇයට මැන්ඩියට ඉන්න බැරි නිසාලු. ඉතින් ඊට පස්සේ ඇයට වෙන කරන්න විෂයක් නැති නිසා ඇය මියුසික් වලට ගියාලු. ඉතින් ඒ කාලේ සිංදු කියන්න පුළුවන්ලු. එත් දැන්නම් බැයිලු.

ඉතින් ඊට පස්සේ පාසල් කාලෙන් පස්සේ ලංකාවේ ප්‍රසිද්ද ඩාන්සින් ටීම් එකක වෘත්තිමය නර්ථන ශිල්පිනියක් විදිහට හිටියලු. ඒ කාලේ අතරතුරදී තමයි ඇයට ඇයගේ යහළුවා කැලුම්ව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මේ දෙන්න ටික් ටෝක් කරන්න පටන් අරන් තියෙන්නේ.

ඊට පස්සේ ඉතින් රූපවාහිනියේ කමර්ෂල් වල එහෙම ඉදලා යූ ටියුබ් චැනල් එකත් පටන් අරගෙන තමයි අද හැමෝම දන්නා ඒ සුරූපී ලෝචි මෙච්චර ප්‍රසිද්ද වෙලා තියෙන්නේ. කාලයක් ඇය සිරස ටීවී එකේ විකාශය වුනු වයි කැෆේ වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් දකින්න ලැබුණා.

ඉතින් ඉස්සරහට ඇයට හොඳ වැඩකට ආරාධනාවක් ලැබුනොත් ඒ කියන්නේ ටෙලිනාට්‍යකට වගේ නැතුව එපිසෝඩ් පොඩ්ඩක් වගේ තියන එකකට සම්බන්ධ වෙන්න ආසාවක් තියනවලු. ඉතින් මේ හැමෝම ආදරේ කරන ටික් ටෝක් කෙල්ල ලොචි සහ කැලුම් එකතු වෙලා පහුගිය දවසක අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුණේ ‘ Pamod Nilru’ ඡායාරූප ශිල්පියා විසින්.

‘ ඡායාරූප ශිල්පිය

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button