custom_html_banner1
දේශීය පුවත්

රඹකැන්ඔය ආශ‍්‍රිත අක්කර 5000 ක් බඩඉරිගු වගාවට බෙදාදීම නතර කරන්න – ආදිවාසී නායක

custom_html_banner1
Spread the love

ආදිවාසී ජනතාව වසර ගණනාවක් සිය ජීවන මාර්ගය සඳහා භාවිත කළ මහියංගනය රඹකැන්ඔය ව්‍යාපෘතිය ආශි‍්‍රත වනාත්තර අක්කර 5000 කට අධික ප‍්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන නීති විරෝධී ආකාරයෙන් බඩඉරිඟු වගාව සඳහා විවිධ සමාගම් හා ආයතනවලට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට ඊයේ (08දා) පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී විෂය භාර අමාත්‍යවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී හා වන සත්ත්ව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ආකාරයෙන් පවරාගෙන මහවැලි සංවර්ධන අධිකාරිය විසින් එකී වනාන්තර බඩඉරිඟු වගාව සඳහා පවරාදීම නිසා වසර සිය ගණනක් පැරණි විශාල වටිනා ගස් විශාල ප‍්‍රමාණයක් කපා දමා දැඩි වන විනාශයක් සිදුකර ඇති බව ද ආදිවාසි නායකයා හා පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබේ.

මහවැලි සංවර්ධන අධිකාරිය විසින් වන සංරක්ෂණ ආඥාපනතේ බලතල අවභාවිත කරමින් සිදුකරන මෙම අනිසි කි‍්‍රයාවලිය නිසා විශාල පාරිසරික හානියක් සිදුවන බවත් සමහර සමාගම් විසින් රඹකැන්ඔයට ජලය සපයන අතුරු ඇළ මාර්ග පවා ගොඩකරමින් වගා බිම් සකස් කර ඇති බවත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පෙන්වාදී තිබිණි.

වගඋත්තරකරුවන් අධිකරණයට කැඳවා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button