ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

රේන්ජ් රෝවර් එකක් ගත්ත ත්‍රිකලා ධරණී හෙලිකොප්ටරයක් මිලදී ගනියි

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. කලා නිර්මාණවලින් කාලයක් පුරාවටම ඇයව දක්නට නොලැබුණත් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ත්‍රිකලා ගැන නැවතත් කතාබහක් මතු වෙලා තිබෙනවා.

ඒ ඇය පසුගිය කාලයේදී මිලදී ගෙන තිබුණු අළුත්ම මෝටර් රථය නිසා. ඒ RANGE ROVER වර්ගයේ මෝටර් රථයක්. ත්‍රිකලා නම් කියන්නේ මෙය ඇගේ ජීවිතයේ එක් සිහිනයක සැබෑවීමක් කියලා.

මේ වෙද්දී ඇයගේ අලුත්ම වැඩේ තමයි මේ හෙලිකොප්ටරය. හැබැයි මේක ඇය මිලදී ගත්ත එකක් නම් නෙමෙයි. මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මේ විදිහට සඳහන් කරලා තිබුණා.

රටක් දියුණු වනවිට ප්‍රවාහනසේවයේ ප්‍රවර්ධනය ඉතාම වැදගත්. ලංකාවේ අලුතින්ම ආරම්භ කල ගුවන් සමගම “Spark Air” නම් වන අතර , ඉතාමත් පළපුරුදු ගුවන් නියමුවන් පිරිසක් මෙහි දැනට සේවය කරයි.ලංකාවේ ගුවන් යානා ක්ශේත්‍රයට සම්බන්ධ බොහෝමයකට රැකියා අවස්ථා විවර කරන මෙය, ලාංකිකයන් වන අප හැමෝටම ඉතා සුභ ආරංචියක් වනවා නිසැකය.

කොරෝනා වසංගතය නිසාවෙන් ගුවන් ගමන් අඩපණ වී සිටින කාලයක මෙවැනි සමාගමක් ලංකාවෙන් බිහිවීම ඉතාමත් වටිනවා. අති නවීන හෙලිකොප්ටර් යානාද සහිත මෙම සමාගම, ලංකාව පුරා හෙලිකොප්ටර් ටුවර්ද අරඹා තිබෙනවා (Rs 8000 සිට )
මෙහි ප්‍රථම Official Photoshoot එක සදහා මට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබදව ගොඩක් සතුටු වන අතර , නිරූපිකාවක් වශයෙන් එය වෙනස්ම අත්දැකීමක් වුනා.

Photography – Techno media, Srilanka

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button