දේශපාලන පුවත්දේශීය පුවත්

ජනපති ගෝඨා ආණ්ඩුව ඇතුළේ සුද්දයකට සැරසෙයි

ආණ්ඩුවේ ප්‍රධාන ආයතන, දෙපාර්තමේන්තු, මණ්ඩල රැසක දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව බොහෝ ආයතනවල සභාපති ධුර ඇතුලු තනතුරු රැසක් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

මේ හරහා ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බව පැවැසේ.

එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු ජනාධිපතිවරයා මෙම වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.

ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.

ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button