දේශීය පුවත්විශේෂාංග

අරුණා ශාන්තිගෙන් පරිසර හිතකාමී මදුරු දඟරයක්

මදුරු කරදරයෙන් බේරෙන්න බොහෝදෙනා විවිධ උපක්‍රම භාවිතා කරන්න පුරුදු වී සිටිනවා. බොහෝවිට මදුරු දැල්, මදුරු දගර වේෆරයිසර් ආදිය භාවිතා කිරිම සිදු කරනු ‍‍ලබනවා.

මේවා අතරින් බොහෝ දෙනකේ මදුරු දඟර භාවිතා කිරිමට පුරුදු වෙලා තිබෙනවා. මේ නිසා වර්ථමානයේ මදුරු දඟර අවශ්‍යම දෙයක් බවට පත් වි තිබේනවා.

නමුත් මදුරු දඟරයෙන් එන දුම සමහර අයට අපහසුතාවයක් ඇති කරන අවස්ථාද තිබෙනවා. අපේ රටේ විවිධ නාමවලින් මදුරු දඟර වෙළදපොලේ පවතනිනවා. නමුත් මේ කියන්නට යන්නේ අපේ රටේ කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද පරිසර හිතකාමී විස රහිත මදුරු දඟර නිෂ්පාදනයක් පිළිබදවයි.

ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචි අරුණා ශාන්ති .ඇය විසින් නිපදවන මේ මදුරු දඟරයේ ඇති විශේෂත්වය වන්නේ මෙය නිපද වීම සදහා යොදා ගෙන ඇත්තේ දේශීය ශාක සාරවලින් සදා ගනු ලබන දේශීය ඖෂධීය තෙල් වර්ග වේ. මෙම පරසර හිතකාමී මදුර දඟරය පත්තු කළ විට මෙයින් පිටවන දුම පැඟිරි සුවදින් යුතු දුමක් වේ.

මේ නිසා මෙයින් පිට වන දුම අනෙකුත් මදුර දඟර වල ඇති දුම මෙන් සැර ගතියෙන් බොහෝ අඩුය. මෙයින් සෞම්‍ය සුවඳක් නිකුත් වෙන අතර මදුරු දඟරය නිෂ්පාදනය සදහා යොදා ගෙන ඇත්තේ ලී කුඩු, පට්ටකුඩු, කොහොඹ, පැඟිරි, කුරුඳු, සේර මෙන්ම අපි ආහාරයට ගන්න ශාක වර්ග හයක විතර කුඩු කරලා මෙයට එකතු කර තිබෙනවා. මේ මදුරු දගරය පැය 10 ක් පත්තු වෙන ලෙස නිෂ්පාදනය කොට ඇත.

මෙයින් නිකුත් වන දුම නිසා මදුරුවා පළවා හැරීම කල හැකියි.අධික ඉල්ලුමක් පවතින වෙළදපොලේ පවතින මිනිස් ශරිරයටත් අහිතකර මේ මදුරු දඟර වෙනු‌වට අපේ රටේ නිපදවන පරිසර හිතකාමී මෙවන් නිෂ්පාදන මහජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නේ නම් එය සියලු දෙනාටම වටිනා නිෂ්පාදනයක් මෙන්ම අපේ රටේ ව්‍යවසායකයන් තවත් දිරිමත් කිරිම සදහාද උපකාරි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button