දේශීය පුවත්

සඳුදා සිට සතොස හරහා දුඹුරු සීනි, පොල් තෙල්, සෝයා තෙල් අඩු මිලට

ලබන සඳුදා (05) සිට සතොස හරහා දුඹුරු සීනි 1kක් රුපියල් 115කට අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මීට පෙර සතොස හරහා දුඹුරු සීනි 1kක රුපියල් 150-165ක් අතර මිලකට අලෙවී කර ඇති අතර වෙළඳපළේ පවතින මිලට වඩා විශාල මිල අඩුවකට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි වෙළඳපළට නිකුත් කෙරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර, බීසීසී ආයතනය මගින් නිෂ්පාදනය කරන පොල්තෙල් සහ එස්ටීසී ආයතනය මගින් නිෂ්පාදනය කෙරෙන සෝයා තෙල් සතොස හරහා අලෙවි කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button