custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ගුවන් සේවිකාවක් සමග අමිල අබේසේකර ලෝකේ වටේ යමින් දැන් ගෙවන සුන්දර ජීවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉතා ජනප්‍රිය හැමෝම ආදරය කරන පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි අමිල අබේසේකර කියලා කියන්නේ. ඉතින් පබා ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනා ගත් මේ ආදරණිය රංගන ශිල්පියා මේ වෙනවිට විවාහ වෙලත් වසර ගණනාවක් වෙනවා. මොහු උපත ලබන්නේ 1983 මාර්තු 7 වනදා මහනුවරදී උනත් පසුව වයස අවුරුදු 10 දී මෙයාලා මහනුවර අතැරලා මහරගමට පදිංචියට යනවා.

ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් මහනුවර ධර්මරාජා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා. සිනමාවේ සහ රූපවාහිනියේ දකින්න ලැබෙන කඩවසම් දක්ෂ නළුවෙක් වන අමිල අබේසේකර 2009 දී වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගෙන තියනවා.

ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ඉන් පසුව ඔහු ක්‍රිකට් ක්ලබ් වලටද සෙල්ලම් කරලා තියනවා. ඔහුගේ ආදරණීය සුරූපී බිරිද ගුවන් සේවිකාවක් වන තේජා ජයවර්ධන කියලත් මේ වන විට හැමෝම දන්නා දෙයක්. ඉතින් කවුරුත් නොහිතපු විදිහට වෙනස්ම කාලෙක ගොඩක් කරදර වලට අපි හැමෝටම මූණ දෙන්න වුණා. මේ අතර ඉතින් කලා කරුවොත් නැතුවම නෙමෙයි.

ඉතින් කඩවසම් ටෙලිනාට්‍ය නළුවෙක් වන අමිල අබේසේකරටත් ඒ වගේ දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නේ. ඉතින් මොහුට වෙලා තියන අකරතැබ්බෙ ගැන කතාව කෙටියෙන්ම සරලව කිවුවොත් සති දෙක තුනක සංචාරයකට තම සුන්දර තරුණ බිරිද සොයා මාර්තු දහවෙනිදා ඩුබායි රටට පියාසර කරපු අමිල අබේසේකර තවමත් ලංකාවට එන්න බැරුව ඩුබායි රටේ කොටු වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ…..

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button