දේශීය පුවත්

ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගන්න ශ්‍රී ලංකාව සූදානම්

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික් V‘ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් මිලදී ගැනීමට පියවරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.

එම එන්නත් මිලදී ගැනීමට අදාල ගිවිසුම ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුටිනික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් අතර ඊයේ (31) අත්සන් කෙරුණු බව ද ඔහු කියයි.

ස්පුටිනික් එන්නත් මාත්‍රා ලක්ෂ හැත්තෑවක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එම ගිවිසුම අනුව එම එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය. සෙසු එන්නත් තොග මැයි සිට දෙසැම්බර් දක්වා කාලයේ ලබාදීමට එම ආයතනය එකඟතාවය පළ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button