ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ප්‍රවීණ රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන් ආදරණීය දියණිය එක්ක කරපු අපූරු වැඩේ

අපේ කලා ලෝකයේ අහිංසක සිනහවකින් නිරන්තරයෙන්ම මුහුණ සරසාගෙන ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ඉපදිලා තියෙන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දින මොරටුවේ දී. ඉතින් ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ වේල්ස් කුමර විද්‍යාලයෙන්.

ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. එක් වැඩිමහල් සහෝදරයෙක් සහ එක් බාල සහෝදරියක්. ඇයගේ පියා හිටපු ව්‍යාපාරිකයෙක්. නිල්මිණීට වයස අවුරුදු 13 දී තමයි ඔහු මිය ගිහින් තියෙන්නේ. ඉතින් පසුගිය කාලයේ ඇය ජනප්‍රිය ගායක මධුමාදව අරවින්ද සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට එක් දියණියක් සිටිනවා. ඒ ස්වේතා මන්දාකිනි. ඉතින් නිල්මිණි සහ ඇයගේ සුන්දර දියණිය ගැනත් බොහෝසෙයින් කතා බහට ලක්වෙන දෙන්නෙක්.

ඉතින් ඇයගේ ආදරණීය සුන්දර දියණියත් සමඟ ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපිට දකින්න ලැබුණා. 1992 දී පිනි බින්දු ටෙලි නාට්‍යයේදී තමයි ඇයට මධුමාදව අරවින්ද මුණ ගැසුනේ. ඉතින් 1996 මැයි 5 වන දින ඔවුන් දෙදෙනා විවාහ වෙලා යම් යම් හේතුන් නිසා ඔවුන් දෙදෙනා නැවත 2000 දශකයේ මුල් භාගයේදී දික්කසාද උනා. 2007 වසරේදී ඇය දරුණු රිය අනතුරකට මුහුණ දුන් බව හැමෝම දන්නා කාරණයක්.

ඉතින් එම අනතුරෙන් ඇයට බරපතල තුවාල සිදුවූ අතර ඇය රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සැහෙන කාලයක් ප්‍රතිකාර ගත්තා. මෙම අනතුර සිදුවුනේ ඇය රූපවාහිනියේ රූගත කිරීම් උත්සවයක් සඳහා කොළඹ සිට කුරුණෑගල වෙත යමින් සිටියදී කියලයි අපට ආරංචි වුනේ. ඉතින් කොහොම නමුත් දැන් ඇය නැවතත් නිරෝගීව කලා ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා.

ඉතින් දැන් ඇය අලුතෙන් සැලෝන් එකක් පටන් අරන් එ්කේ වැඩකටයුතු හොඳින් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. ඉතින් මේ වසංගත තත්වය නිසා විවේකයක් ලැබෙන අවස්ථාවල ඇය හරි හරියට පොත් කියවනවලු ඒ වගේම තමයි චිත්‍රපට බලනවලු ඒ දේවල් කරද්දී පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑ කියලා තමයි ඇය කියන්නේ.

ඉතින් ගිය ආත්මේ ඇය මොකක් හෝ අකුසලයක් කරන්නට ඇතිලු විවාහ ජීවිතය අසාර්ථක වෙන්න. නමුත් ඇය දැන් හිතනවලු දුවත් එක්ක තනියම ජීවත් වෙන්න ලැබීමත් දාහෙන් සම්පතක් නේද කියලා. ඇගේ විවාහ ජීවිතයෙන් ඇයට ලැබුණු වටිනාම තෑග්ග ඇයගේ ආදරණීය දුව ස්වේතා කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇගේ දුවට හොඳ අම්මා කෙනෙක් වෙන එක තමයිලු ඇගේ එකම බලාපොරොත්තුව කියලා තමයි මේ ආදරණීය කලා ශිල්පිනිය කියන්නේ. ඉතින් මේ ආදරණීය සුන්දර පුංචි කැදැල්ලේ අම්මයි දුවයි එකතු වෙලා කරපු ආදරණීය ෆොටෝ ශූට් එකක ඡායාරූප පෙළක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button