දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

විෂ පොල්තෙල් පන්සල් වල පහන් දල්වන්න දෙන්න – බත්තරමුල්ලේ සීලරතන හිමි (VIDEO)

මෙරට මහත් ආන්දෝලනයට තුඩු දුන් ආනයනික පොල්තෙල් තොගයේ පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සහතික කර තිබුණා.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සිංහල සහ හින්දු ජනතාව මැරීමේ අරමුණින් මෙරටට ගෙන්වන ලද විෂ පොල්තෙල් පරිභෝජනය නොකරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලන බව ජනසෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

එසේම මේ විෂ පොල්තෙල් ගෙන්වීම සඳහා රජයේ කුමන හෝ පාර්ශ්වයක සම්බන්ධතාවක් තිබිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

එම නිසා මෙම පොල් තෙල් ආනයනය කිරීම සම්බන්ධව රජයේ වගකිව යුතු බවත් මේ පොල්තෙල් වෙළෙඳසල්වල අලෙවි නොකර වෙහෙර විහාරවල පහන් දැල්වීමට පූජා කර පින් ලබා ගන්නා ලෙස උන්වහන්සේ දන්වා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button