දේශීය පුවත්

අප්‍රේල් 1 සිට නාඩු සහ කැකුළු සහල් රු 100 අඩුවෙන් අනිවාර්යයෙන් දෙනවා – බන්දුලගෙන් සහතිකයක්

වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගෙන ඇති වී තොග නාඩු සහ සුදු හා රතු කැකුළු සහල් ලෙස රු.100 ට වැඩ අඩුවෙන් අප්‍රේල් 1 වැනිදා සිට කිසිදු හිඟයකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ බව කෘෂිකර්ම අමත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් තහවුරු කර තිබෙන බවයි වෙළෙඳ අමාත්‍යවරයා කියා සිටියේ.

සතොස වෙළෙඳ සැල් හරහා පමණක් නොව සමූපකාර හරහාත් එතෙකින් නොනැවතී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සුපිරි වෙළෙදසැල් සමඟත් සම්බන්ධ වී එම සහල් බෙදාහැරීමේ කටයුත්ත සිදුකරන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව නාඩු සහ සුදු කැකුළු හා රතු කැකුළු සහල් රු.100ට අඩුවෙන් පාරිභෝගිකයා වෙත ලබා දීමට රජය ලෙස වගකීම ගෙන තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ ඊයේ (31) අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button