custom_html_banner1
දේශීය පුවත්

මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෑම පාසලකම ගුරුවරුන් 3 දෙනෙක් පුහුණු කරනවා – ඇමති සරත්

custom_html_banner1
Spread the love

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

අදාළ උපකරණය මගින් රියදුරාගේ ඛේටය භාවිත කරමින් මෙම පරීක්ෂාව සිදුකරන බව රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිත කර මගීන් ප්‍රවාහන බස් ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවයි.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෑම පාසලකම ගුරුවරුන් තිදෙනෙකු මේ වනවිටත් පුහුණුකරන බවත් එමගින් පාසල තුලට මත්ද්‍රව්‍ය පැමිණෙන අයුරු හඳුනාගැනීම සඳහා හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටිනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button