දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 06ක් හෙට සිට තහනම්

හෙට සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 06ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කර ඇති බව පරිසර අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට්, වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත්.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති ඇති අදාල නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මේ අතර මෙම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නැහැ. එසේ වුවද දැනට වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති මෙම නිෂ්පාදන ඒවා අවසන් වන තෙක් අලෙවි කිරීමට හැකි බවද පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ නමුත් මෙම නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිපදවන්නේ ද යන්න පිළිබඳව වරින් වර නිෂ්පාදන කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button