විශේෂාංග

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය උන අපේ කෙල්ලගෙ කතාව

ඇය නිලු ආනන්දප්පා වෘත්තියෙන් ගුරුවරියක් ප්‍රාථමික පන්තිවල දඟකාර පැංචන්ගෙ පැංචියන්ගෙ නැණ නුවණ පාදන ආදරණිය දෙවැනි මවක් ඇය සම්බන්ධයෙන් මේ මොහොතේ කතා කරන්නට හේතු පාදක වුණේ ඇයිදැයි ඔබට සිතෙන්න පුළුවන් ඇත්තටම ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙසින් පසුගිය දවසක ඇයව ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වුණාසැබැවින්ම ඉගැන්වීමටම උපන් නියක වන ඇයට AMI සුදුසුකම් පිළිබඳ ඉහළම ශ්‍රේණිගත කිරීම් සඳහා විශේෂ පිළිගැනීමේ සම්මානයක් හිමි වුණා ඒ අනුව ගෝලීය විශිෂ්ටතා සම්මාන 2020 සම්මාන උළෙල අන්තර්ජාලය හරහා සිදු කරන ලද අතර කුසලානය සහ සහතික ඇයට ලබාදීමට මේ වන විට කටයුතු කර තිඛෙනවා මෙය ග්ලෝබල් එක්සෙල්ස් ඩිජිටල් ඇකඩමිය විසින් සම්බන්ධ කරන ලද්දක්ආසියානු සම්මාන උළෙල නුදුරු දවසකදී ඉන්දියාවේදී සිදුවනු ඇත රුලා සම්මාන හා ලෝක පර්යේෂණ සම්මේලනය මගින් බල ගැන්වෙන ආසියානු සම්මාන එය ඇසුරු කරනු ලබයි.

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය වූ ඇය

ඇගේ වයස අවුරුදු 32 ක් වන අතර ඇය හැදෙන්නේ වැඩෙන්නේ පවුලේ එකම දරුවා ලෙසින් මවත් පියාත් සමඟින් ගෙවා දැමූ සොඳුරු දිවියට අද තවත් ආගන්තුකයන් ආගමනය වී සිටින්නේ ඇගේ විවාහයත් සමඟයි. බැංකු නිලධාරියෙකුගේ බිරිඳක වන ඇය මේ වන විට වයස අවුරුදු 9, 10 වයසේ පසුවන පුතුන් දෙදෙනෙකුගේ මවක් බොහොමත් සොඳුරු ළමා කාලයක් උරුමව තිබුණු ඇය අධ්‍යාපනය ලබන්නේ මීගමුවේ කතෝලික බාලිකා පාසලක් වන ආවේ මාරියා කන්‍යාරාමයේ. කුඩා කාලයේ පටන්ම සෑම දෙයකටම ඉදිරිපත් වීම ඈ තුළ පැවති කැපී පෙනෙන ලක්ෂණයක්. එහිදී විශේෂයෙන් සංගීතයට දැඩි නැඹුරුවක් දැක්වූ අතර විෂය බාහිර ක්‍රියාකාරකම් හමුවේ ඇය දැක්වූ කුසලතා අනෙකුත් සිසුන් අතර කැපී පෙනු‚.

ගුරු වෘත්තියට හිත යනකොට වයස අවුරුදු 13 යි

ඇයගෙ වයස අවුරුදු 13 දී තමන්ගෙ මිතුරන් සමඟ ඇවිද යන අවස්ථාවක එක් අපූරු දසුනක් නෙත ගැටෙනවා ඒ ගුරුවරයෙක් කුඩා ළමයින් පිරිසක් සමඟ සරල රේඛාවක් සෑදීමට වෙහෙසෙන ආකාරය.ඒ දුටු මිතුරන් අතර විවිධ මත හුවමරු වුණත් අවසානයේ ඔවුන් එක් කාරණාවක් තේරුම් ගන්නවා. ඒ ප්‍රාථමික දරුවන්ට ඉගැන්වීම කිසිසේත් පහසු කාර්යයක් නොවන වගඑදා ලද ඒ අවබෝධය අද ඇයව බොහෝ දුරකට අරගෙන ගිහින් ඒ අවබෝධයත් සමඟින් සුදුසුකම් ලත් ගුරුවරයකු වීමේ ඇගේ බලාපොරොත්තුවේ මල් පීදී අවසානයි.

පියවරින් පියවර – ඉලක්කගත ගමනට

ඒ අනුව පාසල් අධ්‍යාපනයෙන් පසුව ඇගෙඉලක්කගත ගමනේ පළමු පියවර ලෙස ප්‍රමුඛ ගුරු පුහුණු ආයතනයක් වන එස්.ජී.ටී.ටී.අයි හිදී AMI, MMI උසස් ඩිප්ලෝමාව, 3 වන මට්ටමේ ෂඪූ පුහුණු කුසලතා පිළිබඳ ඩිප්ලෝමාව 500/5784/4, ළමා භෞතික විද්‍යාව පිළිබඳ අත්තිකාරම් ඩිප්ලෝමාව හැදෑරීමට ඇය පියවර ගනු ලැබුවා ඒ විතරක් නෙවෙයි, ඇය ලන්ඩන් විභාග පිළිබඳ උසස් ඩිප්ලෝමාව, ත්‍රිත්ව විද්‍යාලයේ ශේණිගත විභාග සම්පූර්ණ කරන්නට ද කටයුතු කර තිඛෙනවා තවමත් ඉගෙනුමටම හිතැති ඇය මේ මොහොතේ ද විශේෂ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමට ලියාපදිංචිව සිටිනවා මෙතෙක් ගුරුවරියක ලෙස ජාත්‍යන්තර පාසල් දෙකක සේවය කර ඇති ඇයගේ ප්‍රධාන පරමාර්ථය වූයේ සිසුන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවන අයුරින් උසස් ලෙස සිතීමට දිරිමත් කිරීමයිඒ අනුව පළපුරුදු ගුරුවරයෙකු ලෙස දීර්ඝකාලීන වෘත්තියක් ගොඩනැගීම සඳහා වෘත්තීය වර්ධනයට අවස්ථා ලබා දෙන අතර නවීනතම ඉගැන්වීමේ තාක්ෂණයන් සමඟ ඉදිරියට යාමට වෙර දරන ගුරුවරියක ලෙසින් ඇයව හඳුන්වා දෙන්නට පුළුවන්මේ වන විට ඇය නයිස් ජාත්‍යන්තර පාසලේ පන්ති ගුරුවරයෙකු සහ විෂය ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අතර ඇය මේ වන විට ප්‍රාථමික පන්තිවල ගණිත ගුරුවරියක ලෙස කටයුතු කරනවා.

කාන්තාවන් සවිබල ගන්වමින්

වර්තමානයේ බොහෝ රටවල් සමඟ සම්බන්ධීකරණය කරමින් කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ තානාපතිවරියක් ලෙස කටයුතු කරන ඇය අභියෝගවලට කැමති චරිතයක්.ජයග්‍රාහකයන් බිහිවන්නේ උපතින් නොවන බව අප හැමෝම දන්නා කරුණක්. එහෙම නම් ජීවිතේ ජයග්‍රාහී මාවතකට ගමන් කරන්නට අපට මග පෙන්වන්නේ කවුද? ඒ ගුරුවරුන්, පුහුණුකරුවන් හෝ උපදේශකයන්.සැබැවින්ම ජයග්‍රාහකයන් සිය උත්සහය අත් නොහැරීමට හේතු වන්නේ ඔවුන්ගේ ගුරුවරුන් අත් නොහැරීමයි.සාමාන්‍යයෙන් මව්පියන් ඇතුළු බාහිර සමාජයේ බොහෝ දෙනෙකු නොදකින නොපෙනෙන දරුවන්ට පමණක්ම අනන්‍ය වූ අද්විතීය හැකියාවක් ගුරුවරුන් හඳුනාගැනීම ස්වභාවයක්. ඒ හැකියාවන් දරුවාගෙන් දරුවාට වෙනස්. ඉතින් දරුවන් තුළ සැඟවුණු ඒ සුවිශේෂීත්වය මනාව හඳුනාගත් ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය වන ශ්‍රී ලාංකික අපේම සොයුරිය නිලු ආනන්දප්පා පවසන්නේ දරුවකු තුළ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඒ දරුවා නිවැරදි මාවතකට යොමු කිරීමට උත්සාහ කරන ලෙසයි.

දරුවන් හඳුනා ගනිමින්

සෑම විටම දරුවකු තුළින් අති ධාවනකාරී, අතිශය සාර්ථකත්වයකට පත්වූ පුද්ගල චරිතයක් අපේක්ෂා කළ නොහැක. ඒ අනුව විටෙක දරුවා මන්දගාමී විය හැකිය දුර්වලතා සහිත දරුවන් අඩු ලකුණු ලබා ගත හැකිය නමුත් අනාගතය දීප්තිමත් කළ හැකි දරුවෙකුගෙ තීක්ෂණ බුද්ධිය සහ සැඟවුණු හැකියාවන් කිසි විටෙකත් අවතක්සේරු නොකරන ලෙස ඇය සමස්ත ගුරුවරුන් ඇතුළු බාහිර සමාජයෙන් ඉල්ලා සිටියි 2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරුවරයා ලෙස සම්මාන දිනාගත් නිලු ආනන්දප්පා ආසියා සම්මාන උළෙලේ ජාත්‍යන්තර සම්මාන උළෙලේ සම්මානලාභියෙකු වීම ගැන ශ්‍රී ලාංකිකයන් වන අප තුළ පවතින්නේ ඉමහත් සතුටක් ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිට මෙවන් ජයග්‍රහණයක් පිළිබඳව කතා කරන්නට ලැබීමත් සතුටක් ඇත්තටම ඇය ජයග්‍රහණය කළේ අති විශාල තරගකාරී රටවල් 50 ක තරගකරුවන් අතරින් එපමණක් නොව ඇය මේ තරගයට ඉල්ලූම් කළ කාලය රටක් විදියට අප පමණක් නොව ලොවම ව්‍යාකූලත්වයට පත්ව කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩනයට පත්ව සිටි මොහොතක්. නමුත් අවසානයේ ඇය උපන් රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින් ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය බවට පත්වූවා ඒ දීර්ග ක්‍රියාවලියකින් පසු වෙනත් රටවලින් සහභාගී වූ බොහෝ දෙනෙකු සමඟ තනි පුද්ගල පැතිකඩ, අත්දැකීම්, ඉදිරිපත් කිරීම්, නිරූපණ, මාර්ගගත සම්මුඛ සාකච්ඡා තරගවල අවසානයක් දකිමින්.

ඔබ රටට ආඩම්බරයක්

ප්‍රාථමික දරුවන්ට ඉගැන්වීම කියන කාරණාව බොහොම සැහැල්ලූවට ගත් සමාජයක ජීවත්වන විට බොහෝ දෙනෙක් ප්‍රාථමික ගුරුවරයෙක් දෙස බලන්නේ අඩු තක්සේරුවකින්. නිලුටද එම තත්ත්වයේ වෙනසක් වුණේ නැහැ. බොහෝ දෙනෙක් ඇගේ ඉගෙනුම් ක්‍රියාවලිය දුටුවේ බොහොම සරලව හරිම සැහැල්ලූ දෙයක් විදියට ඒත් ප්‍රාථමික ගුරුවරයෙකුට සෑහෙන වගකීමක් තියෙනවා මොකද ඒ දරුවන්ට බොහොම සරල දෙයක් පවා වටහා දීම ඉතාමත් සංයමයෙන් කළ යුතු දෙයක් බාහිරව බලන අයෙකුට එය බොහොම සැහැල්ලූ දෙයක් සේ පෙනුනත් සැබැවින්ම එය සංකීර්ණයි. ඉතින් මෙවන් වගකීම් සහගත වෘත්තියක නිරතව සිටින නිලුගේ වෘත්තීය ජීවිතේදී ඇය අත්විඳි සෑම ප්‍රතික්ෂේප කිරීමක්ම ඇයට ඇය කවුදැයි වටහා ගන්නට මග පෑදුවා. ඉතින් ඇය ඇගේ හදවතට සවන් දුන්නා. හදවත කී දේ කළා අවසානයේ ඇය පමණක් නොව රටේ නමද ජාත්‍යන්තරව බබළවන්නට හැකියාව ලැබුණා. ස්තුතියි නිලු ඔබ මේ රටට ආඩම්බරයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button