දේශීය පුවත්ප්‍රධාන පුවත්

පසුගිය වසරේ කෘත්‍රිම වැලි යෙදු ගල්කිස්ස වෙරළ තීරයේ අද තත්ත්වය

පසුගිය වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ ගල්කිස්ස කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියේ වැලි ගල්කිස්ස මුහුදු තීරයේ මීටර් 02ක් පමණ පුරා විහිදී ඇති බවත්, එම වැලි ප්‍රමාණයේ විශාල අඩුවීමක් සිදු වී නොමැති බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසනවා.

ගල්කිස්ස මුහුදු තීරය සංවර්ධන වැඩසටහන පිළිබඳව‍ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවට එක්වමෙන් ඒ මහතා මාධ්‍යවේදීන් වෙත මෙම අදහස් පළකළා.

මෙහිදී අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව සමාජයේ විවිධ කතිකාවත් ගොඩනැගෙමින් ඇති බවයි.

අද වන විට මෙම ගල්කිස්ස වෙරළ තීරය අවශ්‍ය ප්‍රමාණයට නිර්මාණය වී ඇති බවත් වෙරළ වර්ධනය වී ඇති බවත් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අත් විඳිමින් සිටින බවත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බටහිර වෙරළේ වැලි ගමන් කරන්නේ දකුණේ සිට උතුරු දිශාවට බවත්, එම වැළි කෘතිමව යෙදූ වැළි ප්‍රමාණය උතුරු දිශාවට යොමු කර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය නිමා කර සමතුළිත භාවයට පත්වන බවත් අද වන විට එය සාර්ථක වී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button