ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සරාගී ධරණි කාටත් හොරෙන්ම යුග දිවියට

ධරණි ටෙලි නාට්‍යයේ කතා නායිකාව ලෙසට ඔබ හමුවට එන මේ සුරූපී ලලනාව ගැන මේ වෙනකොටනම් නොදන්නා කෙනෙක් නැහැ. රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ.

ඉතින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනියට දෙරණ අවුරුදු කුමරිය කිරුල හිමිකර ගැනීමටද වාසනාව ලැබුණා. ඇය කොලඹ ප්‍රදේශයේ ඉපදිලා එහි ජනප්‍රිය පාසලක් වන යශෝධරා බාලිකාවෙන අධ්‍යාපනය හදාරලා තියනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මේ වනවිට ඇය උපාධිය හදාරමින් ඉන්නවා. උපාධිය ගත්තට පස්සේ ඇය රැකියාවක නිරතවීමට බලාපොරොත්තු උනත් රඟපෑම නම් අත්හරින්නේ නැහැ කියලයි හේෂානි ලියදිපිට පවසන්නේ.

ඉතින් ඇය ටෙලිනාට්‍යය වලින් අපට මෑතකදී දකින්න ලැබුනත් ඇය වෙළඳ දැන්වීම් හරහානම් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ ගොඩක් කාලෙකට ඉහතදී. ඒ නිසාම ඇය කලාවට ආගන්තුක කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඇය පැවසුවේ ඇය රඟපෑවේ තමන් හොඳටම දන්නා අයගේ වෙළඳදැන්වීම් වලට පමණක් බවයි. තවමත් අවුරුදු 24ක තරුණියක් වන ඇය පසුගිය දවසක පැවසුවේ තමන්ගේ පළමු ටෙලි සිත්තමම අමතක නොවෙන එකක් වෙන එක නොඅනුමාන බවයි.

ඉතින් මේ කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දවසක මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ ඡායාරූප කරණයේ ඉහළපෙලේ නමක් දිනාගෙන ඉන්න ‘Ceylon Wedlock’ ආයතනය විසින්. ඉතින් ඒ වගේම මෙයාලව මෙතරම් ලස්සනට හැඩ ගැන්වීම් කරලා තිබුනේ ‘Style N Dress’ ආයතනය විසින්.

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button