දේශීය පුවත්ප්‍රධාන පුවත්

රට නිවැරදි මගට ගන්න දේවානි නව වෘත්තීය සමිතියක් පිහිටුවයි

ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතු බවට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටිනවා. එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඇයගේ මූලිකත්වයෙන් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබේ.

ඒ අනුව පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව ඊයේ (27) නව වෘත්තිය සමිති එකමුතුවක් පිහිටුවා ගනු ලැබීය.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිතිය පිහිටුවීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛණයට රාජ්‍ය සේවකයින් අත්සන් තැබුවේ අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදීය.

එම අවස්ථාවට එක්වෙමින් දේවානි ජයතිලක සඳහන් කළේ සංරක්ෂණය කළයුතු සහ සංවර්ධනය කළ ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවයි.

ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා සංවේදී ප්‍රදේශ, ආරක්ෂා කරගත යුතු ප්‍රදේශ, අලිමංකඩ මේ සියල්ල සංරක්ෂණය කරලා ඉතිරි වෙන ඉඩම් භූමි ප්‍රමාණයන් සංවර්ධන කටයුතුවලට සහ අනෙක් දේවල්වලට පාවිච්චි කරන්න. එතකොට ගැටළු විසඳන්න පුළුවන්. නමුත් දැන් සංවර්ධනයට සියලුම ඉඩම් අරන්. ඉතුරුවෙන ඉඩම් පමණයි සංරක්ෂණය කරන්නේ.

ඒ නිසයි පරිසර පද්ධති විනාශ වෙන්නේ. අද අලි මිනිස් ගැටුම්, භෝගවලට සත්ව විවිධ හානි සිදුවෙන්නේ ඒ නිසයි. ඒ නිසා අපි තීරණය කළා රජයට මේ ගැන සහාය දීමක් විදිහට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරලා, රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතුයි කියලා. නිතරම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවර්ධනයට බාධා කරනවලු. අපි කියන්නේ තිරසාර ලෙස සංවර්ධනය කරන්න,” යනුවෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක පැවසුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button