දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

වෙන්නප්පුව විශේෂ ඒකකය යළි පිහිටුවයි – ASPගේ මාරුව ගැනත් විමර්ශනයක්

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑම මත ස්ථාන මාරු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මාරුකර ඇත්තේ පොලිස් මූලස්ථානයට බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මාරුවීම් ලත් සහකාර පොලිස් නිලධාරියා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීම් හතරකට පැමිණ නැතැයි ද වාර්තා වී ඇත. ඔහුට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු 6 දෙනකු චෝදනා එල්ල කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.

මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා) සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය.

එම ඒකකය කටයුතු කළ නිලධාරීන් සිය කැමැත්ත මත එම ඒකකයෙන් ඉවත් වීමට කර තිබූ ඉල්ලීම්වලට අනුව ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවත් එහෙත් මෙම මාරු කිරීම් පිටුපස දේශපාලන මැදිහත්වීමක් ඇතැයි යනුවෙන් පළවන ප‍්‍රචාර හේතුවෙන් එම මාරුවීම් අවලංගු කර එම ඒකකය නැවත පිහිටවූ බවත් ඇමැති සරත් වීරසේක්ර මහතා කීවේය.

කීර්ති වර්ණකුලසූරිය, සිරිමන්ත රත්නසේකර
Courtesy – දිවයින

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button