දේශීය පුවත්

කොටුගොඩ නාහිමිගේ ලේකම් හිමිගේ වාහනය කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන සොරාගෙන

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර නායක හිමියන්ගේ ලේකම් ධුරය හෙබවූ පූජ්‍ය බටපොළ මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක් පෙරේරා (24දා) සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

පූජ්‍ය බටපොළ මේධානන්ද හිමියන්ට අයත් වෑන් රථයෙන් මිරිහාන, ගල්පොත්ත විහාරස්ථානයේ සිට ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර අනතුරුව වෑන් රථයේ රියැදුරු විසින් වෑන් රථය විහාරස්ථානය පිටුපස සංඝමිත්තා පාරේ ගාල්කර ඇතැයි පොලිසිය කියයි.

පැය කිහිපයකට පමණ පසු එම ස්ථානයට වෑන් රථය පැමිණීමේදී රියැදුරු අසුන අසල තිබෙන වීදුරුව කඩා තිබූ අයුරු දැක පූජ්‍ය බටපොළ හිමියන්ට ඒ බව දන්වා පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ බැංකු හා අනෙකුත් ලිපි ලේඛන සොරාගෙන ගොස් ඇති බවට දැනගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

කොළඹ – ජයසිංහ

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button