විශේෂාංග

පිට පිටම හයවැනි වතාවටත් වසරේ ගායිකාව වුනු ශෂිකා නිසංසලාගේ නොදත් කතාව

ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙසට එක දිගට සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණයන් හා උරෙන් උර ගමනක යන ජනප්‍රිය ගායන ශිල්පිණියක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ. ඉතින් ඇය ඉතාම කුඩා අවදියේදී තමයි සංගීත කණ්ඩායමක ගීත ගායනා කලේ. ඉතින් ඇය ඇයගේ සංගීත ගමන ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

” මගේ ගම දැරණියගල උඩපල ඉතින් මන් පුංචි කාලේ ජීවත් වුනේ එහේ. ඉතින් එහේ හරිම සුන්දර පළාතක්. මගේ තාත්තගේ පරම්පරාවෙන් තමයි සංගීතය පැවතගෙන එන්නේ. ඒ කාලේ හැටියට ඉදිරියට එන්න තත්වයක් තිබුනේ නැහැ. තාත්තගේ සහෝදරයෝ ගමේ යාලුවෝ එකතුවෙලා කරපු සංගීත කණ්ඩායමක් තිබුණා. ඉතින් චූටි කාලේ මමත් ඒකෙ සිංදු කිවුවා. තාත්තා තමයි ඇත්තටම සින්දු කියලා දුන්නේ. අපේ ගෙදර පොඩි ඕගන් එකක් තිබුණා.

ඒ කුඩා ඕගන් එක මගේ සංගීත හැකියාවට පන පෙව්වා. මට ගායන හැකියාව පිහිටලා තියනවා කියලා තාත්තට දැනුනට පස්සේ තමයි හැමදේම වෙනස් උනේ. අපේ ගම ගොඩක් පිටිසරයි. අපිට කරන්ට්එක තිබුනේ නැහැ. එ්ත් එ්ක හේතුවක් කරගත්තේ නැහැ. තාත්තා මට රේඩියෝ එකේ සිංදු අහන්න ඉඩ හදලා දුන්නා. ගමේ අඩු පහසුකම් තිබුනට මගේ හැකියාව දියුණු කරගන්න තාත්තා හැමදේම කලා. ඒ අනුව තමයි අපි අවිස්සාවේල්ලට පදිංචියට අවේ.

නෑදෑයෝ දාලා එන්න දුකක් තිබුනට අපේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ගැනත් හිතලා තමයි තාත්තා නගරයට එන්න සැලසුම් කලේ. මම නමය දහය වසරේ ඉගෙන ගනිද්දී සංගීත විශාරද විභාගය සමත් වෙලා හිටියේ. මගේ ගෙදරට අල්ලපු වැටේ තමයි අවිස්සාවේල්ලේ පන්සිළු කලා ආයතනය තිබුනේ. ඉතින් මට වෙන අයට වඩා පහසුවෙන්ම සංගීත වැඩ කරගන්න වගේම ඉගෙන ගන්නත් එය පහසුවක් උනා. විශාරද ආනන්ද රාජපක්ෂ ගුරුතුමා තමයි මට ඉන්දියානු රාගධාරී සංගීතය උගන්නපු මුල්ම ගුරුවරයා.

උසස්පෙළ විභාගය අත ලඟ තියාගෙන තුරුණු ශක්ති ආදුණික ගීත තරඟයට ඉදිරිපත් වෙන්නේ 1999 වසරේ දී. මන් උසස්පෙළ විභාගයට සුදානම් වෙමින් සිටියේ. ඉතින් ඇත්තටම එ්ක මට විශාල අභියෝගයක් උනා. මොකද තාත්තා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා කොහොම හරි පළමු වතාවෙන්ම විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කියලා. සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්නනම් උසස් අධ්‍යාපනය පැත්තෙන් බැලන්ස් කරගෙන යන්න ඕනේ කියලා තාත්තා මට කිවුවා.

ඉතින් එ්ක මගේ හිතේ තදින්ම වැඩ කලා. අපේ පවුලේ ආර්ථික පසුබිම යහපත් තත්වයක තිබුනේ නැහැ. ඉතින් පළමු වතාවෙන්ම A සාමාර්ථ 3ක් අරගෙන තාත්තගේ සිහිනය යථාර්තයක් කරමින් ඒ අනුව තමයි මම කැලණියේ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. මම ඒ ගැන නිහතමානිව සතුටු වෙනවා. මම තුරුණු ශක්ති දිනාගෙන ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 20ක් වෙනවා. මට සම්මාන 20ක් ලැබිලා තියනවා. මෑතකදී වසරේ ගායන ශිල්පිනියට හිමි සම්මානය පිට පිට හයවන වතාවටත් හිමිකර ගැනීමට මට වාසනාව හිමි වුණා…”

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button