ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ගෙදර ගෑණි උයන්න ළමයි බලාගන්න ඕනෙමයි කියලා නෑනේ

රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ. ඉතින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය පසුගිය දවසක පුවත් පත් විශේෂාංගයක් සමඟ එකතු වෙමින් ඇයගේ මුළුතැන් ගෙය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ.

මට ඕනෑම කෑමක් රහට හදන්න පුළුවන්. විශේෂයෙන්ම මස් මාළු ගොඩක් රසට හදනවා. උයන එකත් කලාවක් කියලයි ඇත්තටම මටනම් හිතෙන්නේ. මන් හඳන කෑම වලින් පැස්ටා හැමෝම රස කර කර කනවා. ඊටත් අමතරව මාළු ඇඹුල්තියල් එකත් රසට හදන්න පුළුවන්. පොලොස් ඇඹුල විතරයි උයා ගන්න බැරුව හිටියේ.

ඒකත් අම්මා මේ ලඟදි මට කියලා දුන්නා. ඉතින් ඒ වගේ ව්‍යංජන හදන්නේ දර ලිපේ තමයි. මම කවදාවත් යූ ටියුබ් එකෙන් බලලා කෑම හදලම නැහැ. මගේ අක්කට හොඳට විවිද කෑම හදන්න පුළුවන්. ඉතින් එයාගෙන් තමයි මම ගොඩක් වෙලාවට අවශ්‍ය දේවල් ඉගෙන ගන්නේ. මම බිස්කට් පුඩින් වගේ පැණිරස කෑමත් ගෙදරම හදනවා. සමහර දවස් වලට හදන්න ගිහිල්ලා වරදින වෙලාවලුත් තියනවා. ඉතින් ඒ වෙලාවට වැරදුන එක විශේෂ කෑමක් විදිහට ආයේ පිළියෙළ කරලා ගන්නවා. පෑන් කේක් හදන්න ගිහිල්ලා වැරදුනහම එකට තව පොල්කිරි ටිකක් වැඩිපුර දාලා කිරි රොටී හදනවා.

ගෙදර හැමෝම ඉතින් ඒ දේවල් රස කරකර සතුටින් කනවා. සාමාන්‍යයෙන් කුස්සියේ මම උයන වෙලාවට වෙන කවුරුත් ඉන්නවාට මම කැමති නැහැ. මට දැනෙන්නේ එක අවහිරයක් වගේ. කාගෙවත් උදව්වක් නැතිව බතයි ව්‍යංජන දෙකයි මැල්ලුමකුයි හදාගන්න මට යන්නේ විනාඩි 45ක් වගේ කාලයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button