custom_html_banner1
දේශීය පුවත්

උතුරේ දූපත් 3ක බලශක්ති ව්‍යාපෘති චීනයට දීමේ සූදානම ගැන ඉන්දියාවෙන් දැඩි විරෝධයක්

custom_html_banner1
Spread the love

යාපනය අර්ධද්වීපය ආසන්නයේම පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පුනර්ජනනීය බලශක්ති විදුලි බලාගාර 3ක් ඉදිකිරීමේ ව්‍යාපෘති චීනයට ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි ලෙස විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘති සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමට පසුගිය ජනවාරි 18 වනදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණු අතර මෙම ව්‍යාපෘති චීනයට ලබාදීමේ සූදානමක් පිළිබඳව ඉන්දියාවට ආරංචි වී ඇති බව සඳහන්.

ඒ අනුව ඉන්දියාවට මෙතරම් ආසන්නයෙන් චීන ව්‍යාපෘති තුනකට ස්ථානගත වීමට ඉඩදීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව සඳහන් කරමින් මීට සිය දැඩි විරෝධය නිල වශයෙන්ම ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීමට ඉන්දිය රජය පියවර ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button