දේශීය පුවත්

මුරලිදරන් මන්ත්‍රී සරත් ෆොන්සේකා ගෙන් වන්දි ඉල්ලයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය මාර්තු 15 වැනිදා පැවති දේශපාලන රැලියකදී තමා සම්බන්දයෙන් සිදුකල ප්‍රකාශයක් හරහා බරපතල අපහාසයක් සිදු වූ බව පවසමින්.

මෙම රැලියේදි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මුත්තයියා මුරලිදරන් සතු අක්කර 2000ක ඉඩමක් සම්බන්දයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button