දේශපාලන පුවත්දේශීය පුවත්

රටම උඩුයටිකුරු කරන ජනපති ගෝඨා ගත් දැඩි තීන්දුව මෙන්න

ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් වැඩ ආරම්භ කර නොමැති සහ අතරමඟ නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේක්ම්වරුනට ඊයේ උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේදී ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බවත් සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ද මෙම දෙපිරිසට පමරන බවත් ජනාධිපතිවරයා කීවේය.

ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කරදිම රජයේ අපෙක්ෂාව යැයි ද රාජපක්ෂ මහතා පවසයි.

පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවට ඇතැම් පිරිස් විසින් හුවා දක්වනු ලැබීම මාධ්‍ය සංදර්ශනයක් බව දිස්ත්‍රික් ලේකම්වරු මෙහිදී කීය.

ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා වන වගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටළු රැසකට විසඳුම දීමට හැකිහෙයින් ඒ සඳහා යොමුවන්නැයි ජනාධිපතිවරයා නිලධාරීනට දැනුම් දුන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button