custom_html_banner1
දේශීය පුවත්

ලාදුරුවලට නිසි ප‍්‍රතිකාර නොගතහොත් ඇස්, අත් හා පාදවලට සංකූලතා ඇතිවේවි

custom_html_banner1
Spread the love

ලාදුරු රෝගය වැළඳුණු බව මුල් අවස්ථාවේදී දැනගන්නා ඔබට, නිවැරදි ලෙස ඖෂධ භාවිතය මගින් කිසිදු දුබලතාවයකින් තොරව ඉතා කෙටි කාලයක් තුළදී සියයට සියයක් රෝගය සුවකර ගැනීමට හැකියාව ඇත. එනමුත් අප සමාජය තුළ ලාදුරු රෝගය පිළිබඳව ඇත්තේ හුඹස් බියකි. ඇතැමුන් ලාදුරු රෝගය සම්බන්ධව ඉතා බියකරු චිත‍්‍රයක් මවාගෙන ඇති අතර, ඉන් ශරීරයේ අංග එකිනෙක හැලී යන බවට මිථ්‍යා මත පතුරුවා හරිති.

මීට බොහෝ කාලයකට පෙර ප‍්‍රතිකාර නොලබා, ඉතා දීර්ඝ කාලයක් රෝගයෙන් පීඩා විඳි රෝගීන් අංග විකලතාවයන්ට හෝ විරූපතාවයන්ට ලක් වූ මුත් මෑත ඉතිහාසයේ එවැනි දරුණු ලෙස රෝගී තත්ත්වයන්ට පත්වූවන් ගැන වාර්තා නොවේ.

කුඩා දරුවන්ට ලාදුරු රෝගය වැළඳුනු විට ශරීරයේ එක් පැල්ලමකින් එය පෙන්නුම් කරයි. මෙම පැල්ලම සුදු පැහැයට හුරු අතර මේ නිසා එය බොහෝ දෙනෙක් පණු රෝග හේතුවෙන් සෑදෙන පැල්ලම් ලෙස වරදවා තේරුම් ගනති

ඔබ වඩාත් තැතිගැන්මකට ලක්වන්නේ ඔබට දියවැඩියා රෝගය වැළඳුණු බව දැන ගත්විටදීද? නොඑසේ නම් ඔබට ලාදුරු රෝගය වැළඳී ඇති බව දැනගතහොත් ද? මේ පිළිබඳව බොහෝ දෙනකුගෙන් කළ පෞද්ගලික විමසීම්වලට අනුව මා අත්දුටුවේ බොහෝ දෙනකු ලාදුරු රෝගය පිළිබඳව සඳහන් කරන විටම බොහෝ බියට පත්වන බවත්, දියවැඩියා රෝගය සමාජයේ පිළිගැනීමකට ලක්ව තිබෙන රෝගයක් ලෙස සලකන බවත්ය. එනමුදු සත්‍යය එය නොවේ.

ඔබට දියවැඩියා රෝගය වැළඳුනහොත් රෝගය පාලනය කර ප‍්‍රශස්ත සීනි මට්ටමක් පවත්වාගෙන යෑම සඳහා බොහෝවිට ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගැනීමට සිදුවේ. මේ අතරතුර කාලයේදී පවා ඔබගේ සියලූ ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරීත්වය මඳින් මඳ අඩපණ වේ.

ලාදුරු රෝගය වැළඳුණු බව මුල් අවස්ථාවේදී දැනගන්නා ඔබට, නිවැරදි ලෙස ඖෂධ භාවිතය මගින් කිසිදු දුබලතාවයකින් තොරව ඉතා කෙටි කාලයක් තුළදී සියයට සියයක් රෝගය සුවකර ගැනීමට හැකියාව ඇත. එනමුත් අප සමාජය තුළ ලාදුරු රෝගය පිළිබඳව ඇත්තේ හුඹස් බියකි. ඇතැමුන් ලාදුරු රෝගය සම්බන්ධව ඉතා බියකරු චිත‍්‍රයක් මවාගෙන ඇති අතර, ඉන් ශරීරයේ අංග එකිනෙක හැලී යන බවට මිථ්‍යා මත පතුරුවා හරිති.

මීට බොහෝ කාලයකට පෙර ප‍්‍රතිකාර නොලබා, ඉතා දීර්ඝ කාලයක් රෝගයෙන් පීඩා විඳි රෝගීන් අංග විකලතාවයන්ට හෝ විරූපතාවයන්ට ලක් වූ මුත් මෑත ඉතිහාසයේ එවැනි දරුණු ලෙස රෝගී තත්ත්වයන්ට පත්වූවන් ගැන වාර්තා නොවේ. එයට ප‍්‍රධානතම හේතුව වන්නේ ලාදුරු රෝගය නිට්ටාවටම සුවකරලීම උදෙසා සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රම වර්තමානයෙහි පැවතීමයි.

custom_html_banner1

සමාජය තුළ ලාදුරු රෝගය සම්බන්ධව අනියත බියක් ඇතිවීමට බලපෑ තවත් හේතුවක් වූයේ,

පසුගිය සියවසෙහි ලාදුරු රෝගීන් ලෙස හඳුනාගත් රෝගීන් හට නිවැසියන්ගෙන් වෙන් වී ලාදුරු රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද විශේෂිත වූ රෝහලක නේවාසිකව කාලය ගතකිරීමට සිදුවීමයි. වර්තමානයේදී ලාදුරු රෝගියකු හඳුනාගත් වහාම ප‍්‍රතිකාර සඳහා යොමුකිරීම සිදුවන අතර, කිසිදු රෝගියකු තම නිවසින් හෝ සමීපතමයන්ගෙන් වෙන් කිරීමක් කිසිදු අයුරකින් සිදු නොවේ.

ප‍්‍රතිකාර ආරම්භ කර දින 2 ක් ඇතුළත රෝගය වෙනත් අයකුට බෝවීම මුළුමනින්ම වැළකේ. තවද, ලාදුරු රෝගය බෝවීම ඉතා සෙමින් සිදුවන නිසා, රෝගය තවත් අයෙකුට බෝවීම සඳහා මාස හෝ අවුරුදු ගණනාවක් සමීපව රෝගියා ආශ‍්‍රය කළ යුතු වේ. එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමේදී රෝගය බෝවෙතැයි සිතා ලාදුරු රෝගියකු සමාජයෙන් කොන්කිරීම කිසිසේත්ම සිදුනොවිය යුත්තකි. ලාදුරු රෝගයේ මූලික අවස්ථාවේදී, සමේ රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන අතර, මුල් අවස්ථාවේදී චර්ම රෝග පිළිබඳ දැනුමක් ඇති බටහිර වෛද්‍යවරයකු

මුණගැසීමෙන්, ඔබගේ දෛනික කටයුතුවලට අවම බාධාවකින් යුතුව රෝගය සියයට සියයක් නිට්ටාවටම සුවකරගත හැකි වේ. මෙමගින් ඔබට මෙන්ම ඔබගේ පවුලේ සමීපතමයන්ටත් රෝගයෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබේ.

දැනට වසරකට රෝගීන් 2000 ක් පමණ ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වේ. ඔබගේ සමෙහි පෙර නොවූ දද, ලප කැළැල් මතු වූ අවස්ථාවලදී එ්වා නොසලකා සිටීම වෙනුවට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම මගින් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. ලාදුරු රෝගය සම්බන්ධ දුර්මත විශ්වාස නොකර, එය තවත් රෝගී තත්ත්වයක් ලෙස සලකා ක‍්‍රියාකිරීමෙන් වසර 2030 දී ලාදුරු රෝගය අප රටින් සදහටම තුරන් කිරීමට හැකිවනු ඇත.

ලාදුරු රෝගයෙන් රටේ අනාගතය රැුකගනිමු

ලාදුරු රෝගය යනු ලෝකයේ හඳුනාගත් රෝග අතරින් කල්ගතවූ ඉතා පැරණි රෝගයකි. ලාදුරු බැක්ටීරියාව

හඳුනාගෙන දැනට වසර සියයක් ඉක්මවා තිබේ. ලාදුරු රෝග කාරකය ව්‍යාප්ත වන්නේ ලාදුරු බැක්ටීරියාව ශරීරගත වී සිටින පුද්ගලයන්ගෙනි. මෙය වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකුට වැළඳිය හැකි රෝගයකි. සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට මෙම රෝගයෙන් හානි සිදුවන නිසා විශේෂයෙන්ම කුඩා දරුවන් ලාදුරුවලින් ආරක්ෂා කරගැනීම දෙමාපියන්ගේ

සහ වැඩිහිටියන්ගේ විශාල වගකීමක් බව සඳහන් කළ යුතුමය.

වර්තමාන ලෝකයේ ලාදුරු රෝගය හඳුන්වා ඇත්තේ අත්හැරදමන ලද ඝර්ම කලාපීය රෝග අතරටයි. විශේෂයෙන් ලාදුරු රෝගයට අඩු ආදායම් පවුල්වල දුප්පත් දරුවන් භාජනය වීමේ අවදානම ඉතාමත් ඉහළය. එයට හේතු ගණනාවක් පවතී. මන්දපෝෂණය, වැඩි සාමාජික සංඛ්‍යාවක් සිටින නිවාසවල වාසය කිරීම, දරුවන් රැුකබලා ගැනීමේ ගැටලූ, සනීපාරක්ෂක ගැටලූ ආදිය මීට හේතු වේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ කොළඹ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව එනම් මොරටුව, ගල්කිස්ස, කළුබෝවිල, මරදාන, මට්ටක්කුලිය, මාලිගාවත්ත යන ප‍්‍රදේශවලින් ලාදුරු රෝගීන් හමුවී තිබේ. මේ ප‍්‍රදේශවල වැඩි ජන කොටසක් පැල්පත් නිවාසවල ජීවත්වීම දැකිය හැකිය.

ලාදුරු රෝග කාරක බැක්ටීරියා සහිත පුද්ගලයන් කොටස් දෙකකට වර්ග කෙරේ.

1. අධි බැක්ටීරියා සහිත 2. අඩු බැක්ටීරියා සහිත

ලාදුරු රෝගය තවත් අයෙකුට පැතිරෙන්නේ අධි බැක්ටීරියා සහිත

රෝගීන්ගෙනි. මෙම රෝගීන් සමග ඉතාම කිට්ටු, දිගුකාලීන ඇසුරින්

නිරෝගී පුද්ගලයන්ට බැක්ටීරියාව පැතිරේ. විශේෂයෙන් කුඩා දරුවන්ට ලාදුරු රෝගය වැළඳීමේ ප‍්‍රවණතාවය අඩුය. හදිසියේ කුඩා දරුවකු ලාදුරු රෝගයට ගොදුරු වුවහොත් අඩු බැක්ටීරියා සහිත රෝගී කාණ්ඩයේ පසුවෙයි. කුඩා දරුවන් සමග සමීපව සිටින ලාදුරු රෝගී අධි බැක්ටීරියා සහිත පුද්ගලයන්ගෙන් (විශේෂයෙන් මව, පියා, සහෝදර සහෝදරියන්, ආච්චි, සීයා හෝ වෙනත් වැඩිහිටියන්ගෙන් දරුවන්ට ලාදුරු බෝවීම සිදුවේ. අධි බැක්ටීරියා සහිත

රෝගීන් පරිසරයට බැක්ටීරියාව මුදාහරින්නේ නාසයෙන් ඇතිවන ශ‍්‍රාවයන් මගිනි. මෙවැනි රෝගීන් කුඩා දරුවන් සිපගැනීමේදී බොහෝවිට දරුවන්ගේ සිරුරට බැක්ටීරියාව ගමන් කිරීමෙන් කල්ගතවන ලප ඇතිවිය හැකිය.

කුඩා දරුවන්ට ලාදුරු රෝගය වැළඳුනු විට ශරීරයේ එක් පැල්ලමකින් එය පෙන්නුම් කරයි. මෙම පැල්ලම සුදු පැහැයට හුරු අතර මේ නිසා එය බොහෝ දෙනෙක් පණු රෝග හේතුවෙන් සෑදෙන පැල්ලම් ලෙස වරදවා තේරුම් ගනති. මෙම පැල්ලම මාස දෙක තුනක සිටම සමේ දැකගත හැකිය. එය කුඩා වියළි ස්වභාවයක් දක්වන අතර මෙම තනි පැල්ලම ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සුවවී යන ආකාරය දැකිය හැකිය. නමුත් ඇතැම්විට එසේ සුව නොවී යන අවස්ථා ද තිබේ.

වැඩිහිටියන් සමග සංසන්දනය කරන වට කුඩා දරුවන්ට ලාදුරු රෝගය වැළඳුනු විට ඇතිවන්නේ සීමාසහිත ලප ප‍්‍රමාණයකි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට වඩා ඉක්මණින් කුඩා දරුවන් තම ශරීරයේ තිබෙන ආගන්තුක පැල්ලම් හඳුනාගනියි. ඇතැම්විට වැඩිහිටියන්ගෙත් ලාදුරු ලප හඳුනාගන්නේ දරුවන් විසිනි. ලාදුරු ලප කල්ගතවන පැල්ලම් නිසා බොහෝවිට කුඩා දරුවන් මෙය අතින් ස්පර්ශ කිරීම් වැනි දේ නිතර සිදුකරයි.

ලාදුරු රෝගයෙන් සංකූලතා ඇතිවන්නේ එය මිනිස් සිරුරේ පර්යන්ත ස්නායු පද්ධතියට සිදුකරන බලපෑම් නිසාවෙනි. මේ නිසා කුඩා දරුවෙකුට වුවත් රෝගය හඳුනාගෙන වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකිරීම අත්‍යවශ්‍ය වේ. මෙහි ඇති භයානක තත්ත්වය නම් මින් ඇතිවන සංකූලතා ඇතැම්විට සදාකාලික විය හැකිවීමයි.

මෙම සංකූලතා ඇස්, අත් හා පාදවලට විශේෂයෙන් බලපෑම් ඇතිකරයි. අතෙහි වැලමිට අසල ඇති අල්නා ස්නායුවට ලාදුරු රෝගයෙන් බලපෑම් ඇතිවුවහොත් නිවැරදිව පෑන හෝ පැන්සල අල්ලා අකුරු ලිවීමේ අපහසුතා ඇතිවෙයි. මෙය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවකි. ලාදුරු සඳහා භාවිත කරන ඖෂධ රජයේ සායනවලින් නොමිලයේ ලබාගත හැකිය.

– දිවයින පුවත්පත ඇසුරිනි

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button