ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රංගන ශිල්පි අකිල ධනුද්දර බිරිද සහ පුංචි දෝණි එක්ක රජ කාලෙට යයි

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ඉතාම ජනප්‍රිය ඇන්තනී පවුලේ ලොකු පුතා තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් අකිල ධනුද්දරව හදුන්වන්න පුලුවන්.

ඒ වගේම සිනමා රංගනයට පිවිසුණු අකිල මේ වෙද්දී ජනප්‍රියම නළුවෙක් බවට පත් වෙලා. ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ එමී සමඟයි. ඉතින් ඔවුන්ගේ විවාහයත් රටම කතාවුනු විවාහයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහු දැන් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. ඉතින් මේ වනවිට සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම අපට අහන්නට දකින්නට ලැබෙන මේ පුංචි පවුල ගැන නොදන්නා කෙනෙක් නෑ.

ඔහුගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී. ඉතින් අකිල ධනුද්දරගේ ආදරණීය බිරිදත් ආදරණීය දියණියත්  එකතුවෙලා ලංකාවේ පැරණි රජ කාලයේ වැනි ඇඳුම් වලින් සැරසී කරපු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් මේ ආදරණීය ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ සෂාන් මිහිරංග ඡායාරූප ශිල්පියා විසින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button