ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අවුරුද්දකින් පුතාව ළඟට ගන්නත් අල්ලන්නවත් බැරිවුණා, හැමෝම සර්වසම්පූර්ණ නැහැනේ ඒක හින්ද මම හිත හදා ගන්නවා

තවමත් මගේ විසේ අඩුවෙලා නැහැ. මම කොහොමත් හිටිය වගේමයි. කිසිම අඩුවක් නැහැ. මම කොහොමත් හැමෝමත් එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න චරිතයක්නේ. අනික කවුරුවත් මාත් එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

මේ දිනවල ෂූටින් නැතිද?

එක නාට්‍යක අන්තිම කොටස් ටික ෂූටින් තියෙනවා. නාලිකාවල විවිධ වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඊට අමතරව බිස්නස් වැඩ කිහිපයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහට බලමු.

ආපසු ව්‍යාපාරවලට අත ගහන්නද හදන්නේ?

ඔව්. ඉතිං කරනවා වහනවා. වරදිනවා එහෙම තමයි නේද? හැම වැඩක්ම අත්හදාබැලීම්නේ.

සැලෝන් එක වැහුවද?

ඔව්. සැලෝන් එක වැහුවා.

මේ පාර මොකක්ද මේ කරන්න හදන්නේ?

ඒ ගැන පස්සෙ කතා කරමු. නැතිනම් එදාට කියන්න දෙයක් නැහැනේ.

සැමියයි පුතයි ළඟදීම ලංකාවට එනවා නේද?

ඒ ගොල්ලන් නෙදර්ලන්තයේ හිරවෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට අප්‍රේල් මාසයේ තමයි එන්න හිතාගෙන ඉන්නේ. පොඩි ලියකියැවිලි වගයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක හදාගත්තු ගමන් ලංකාවට එනවා.

සැමියයි පුතයි අවුරුද්දකින් විතර දැක්කේ නැහැ නේද?

සැමියටත් වඩා දරුවා තමයි සැමියා මොකෝ. අවුරුද්දක වෙලේ ඉඳලා මගේ ළමයා මගේ ළඟ නැහැ. ඒක මට තදින් දැනෙන කාරණාවක්. අවුරුද්දකින් පුතාව ළඟට ගන්නත් අල්ලන්නවත් බැරිවුණා.

දෙන්න දෙපැත්තක ඉඳගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයි නේද?

මේක මට පෞද්ගලිකව අමාරුම කාලයක්. දරුවාගෙන් වෙන්වෙලා ඉන්නවා කියන්නේ දරාගන්නම බැරි කාලයක්. මොනව කරන්නද? මේක රටවල්වල තත්ත්වයනේ. අනික මේක මගේ වෙලාව. ඒ අසීරු කාලය කොහොම හරි ගෙවල ඉවර කරන්න එපායැ.

මේ හින්දා ගොසිප් එහෙමත් හැදිලා ඇතිනේ?

අනේ ඔව්. ඔව්. ඒවා නම් ඕනෑ තරම් තියෙනවා. ඒවා ගණන් ගත්තොත් අපිට ඒ ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්න බැරි වෙනවා. ඉස්සර නම් ඕවා ගැන දුක හිතුනා. ඒත් ඉතිං දැන් ඒ ගැන හිතන්නේ නැහැ.

ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

ගොඩක් වෙලාවට තියෙනවා නැතිවාම නෙමෙයි. ඒ වෙලාවට ඇඬෙන අවස්ථා තියෙනවා. ඉවසගෙන ඉන්න පුළුවන්අවස්ථා තියෙනවා. කොහොමහරි හැම දේම හැමෝටම සර්වසම්පූර්ණ නැහැනේ. ඒක හින්ද මම ඒ ගැන හිතල හිත හදා ගන්නවා

දිනේෂ් විතාන
දිවයින

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button