ENTERTAINMENTගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කවුරුත් වැඩිය දැකලා නැති හෙක්ටර් ඩයස්ගේ ආදරණීය පවුල

නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ ගීතයේ අලුත්ම මුහුණු වරකින් නැවතත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්න හැකිවුණු මේ ගායන ශිල්පියා මේ දින වල හැමෝම කතා කරන කෙනෙක් වෙලා. නමින් ඔහු හෙක්ටර් ඩයස්.

ඉතින් ඩෙස්මන් සිල්වා බයිලා තාලෙට ගායනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියපු නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ කියන මේ සින්දුවේ කවර් එකක් කරන්න ඕනි කියලා හෙක්ටර් ඩයස්ගේ ඔළුවට ආව වෙලේ ඔහු මුලින්ම කරලා තියෙන්නේ ඩෙස්මන් සිල්වා මහත්මයාගෙන් ඊට අවශ්‍ය අවසරය ලබා ගැනීමයි.

ඉතින් ඩෙස්මන් සිල්වා මහතා බොහොම කැමැත්තෙන් ඔහුට මේ වැඩේට අවසර දීලා තියෙනවා. නමුත් ඊට පස්සෙ රටේ තියෙන වසංගත තත්වයෙන් ඇතිවුණ අපහසුතා එක්ක හෙක්ටර් ඩයස් ලොකු කැපකිරීමක් කරලා තමයි මේ කවර් එක කරලා තියෙන්නේ. නමුත් අන්තිමේදී හැමෝම කතාවෙන විදිහේ හොඳ නිර්මාණයක් කරන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මේ වෙද්දි රටේ පවතින තත්වය කලාකාරයො ගොඩක් අසරණ කරපු කාලයක්. ඉතින් එවැනි මොහොතක ලොකු වැඩකට මුදල් වියදම් කරන එක කලාකාරයො විදිහට දුර දැක්මකින් යුක්තව වැඩ කරන්න ඕනෙ කාලයක් තමයි මේ.

ඉතින් එවැනි දැක්මකින් හෙක්ටර් වැඩ කරපු හින්දා මෙවැනි අපහසු තත්ත්වයක වුවත් ඔහුට මෙම ක්ෂේත්‍රයේ රැඳිලා හොඳ නිර්මාණයක් හරහා රසිකයන් අතරට යෑමේ හැකියාව ලැබිණ බව ඔහු පැවසුවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button