දේශීය පුවත්

වස පොල්තෙල් දැන් රට හැමතැනම

පිරිපහදු නොකළ පොල්තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් වරායේ තිබෙන බවත්, කන්ටේනර් 13ක බහාලූ එවැනි තෙල් පරීක්‍ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක බව හෙළිවී තිබෙන බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම තෙල් පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව ලැබෙන විට එම තෙල් තොගය රටපුරා බෙදාහැර අවසන්ව ඇතැයි බුද්ධික ද සිල්වා පවසයි. සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට වෙළෙඳපොළේ සහ දැනට රේගුවේ පවතින විදේශීය රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල්තෙල්, ෆාම්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න පරීක්‍ෂණ පවත්වා ජනතාව දැනුවත් කරන ලෙස එම පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන මෙරට අවශ්‍යතාවට වඩා පිරිපහදු නොකළ පොල්තෙල් තොග මෙසේ මෙරටට ගෙන්වා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button