custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

විමල් කවුද පොහොට්ටුවෙ නායකයා වෙනස් කරන්න කියන්න – විමල් සහ පොහොට්ටුව අතර ගැටුම ඇවිලෙයි

custom_html_banner1
Spread the love

පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගතයුතු බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. අද (08) පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටු ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණ යනු විමල් වීරවංශ මහතාගේ පක්ෂය නොවන බවත්, ඒ අනුව පොදුජන පෙරමුණේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවත් කාරියවසම් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රකාශය තුන්වැනි පංතියේ ප්‍රකාශයක් ලෙස සඳහන් කළහැකි බවයි.

මෙවැනි පුද්ගලයෙකු නායකත්වය දරන පක්ෂයක් තම පක්ෂයද සමග සන්ධානගතව සිටීම සම්බන්ධයෙන් කණාගටුවට පත්වන බවද සාගර කාරියවසම් මහතා පවසනවා.

විමල් වීරවංශ ඇමතිවරයා සහ පොහොට්ටුව අතර යම් මතගැටුමක් නිර්මාණය වී ඇති අතර විමල් වීරවංශ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ තමන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ලේකම්වරයා කණගාටුවට පත්වීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button